දෙවන ත්‍රෛමාසිකය

ඔබ, ඔබේ ගැබිනි සමයේ පළමු තෛමාසිකය ගෙවා අවසන්. පළමු ත්රෛමාසිකය තුළ ඔබට ඇති වුණු යම් යම් අපහසුතා මේ වන විට පහව යන ආකාරය ඔබ අත්දකිනවා ඇති. නමුත් ඇතැම් මව්රුන්ට නම් ඒ තත්ත්වය එසේම පවතිනවා විය හැකියි. කෙසේ වුවද ඔබ මේ සැරසෙන්නේ උත්තරීතර මව්පදවියේ කිරුළ පලදින්නටයි.

නිරෝගී දරු උපතක් අප කාගේත් ඒකායන පැතුමයි. මවක් දැනුවත් වීම අත්යවශ්ය වන්නේ ඒ නිසයි. දෙවන ත්රෛමාසිකය යනු ගැබිනි සමයේ 13 වන සතියේ සිට 27 වන සතිය දක්වා කාලයයි. දෙවන ත්රෛමාසිකය යටතේ ගොනුවන ලිපි පෙළ හරහා බොහෝදුරට සාකච්ඡා වෙන්නේ මේ කාලය තුළ මව්වරුන්ට මුහුණදීමට සිදුවන නොයෙක් සංකූලතාවයන් කිහිපයක් පිළිබඳවයි.

විශේෂඥ වෛද්ය සාකච්ඡාවක් සමගින් සැකසෙන මේ ලිපි පෙළ parenting.lk හරහා ඔබ වෙත ගෙන එන්නේ රටේ අනාගතය වෙනුවෙන් ලොව මිල කළ නොහැකි සම්පත දායාද කරන්නට සැරසෙන මවට අවැසි දැනුම සැපයීමේ අරමුණෙනි. මෙතැන් සිට දිග හැරෙන, දෙවන ත්රෛමාසිකය එනම් දහතුන්වන සතියේ සිට විසිහත්වන සතිය දක්වා සතියෙන් සතිය සවිස්තරාත්මක සැකසුණු ලිපි පෙළ ගැබිනි සමය පිළිබඳව නිවැරදිම දැනුම ඔබට ලබා දෙනු නිසැකය.

අලුත් ලිපි