ගැබිනි සමයේ හතලිස් දෙවන සතිය

42 th week
චූටියා ලැඛෙන තිබුණු දින දැන් පහුවෙලා.. මොකද කරන්නේ් ?

තවමත් අම්මට චූටියා ලැඛෙන ලකුණු දැනුණේ නැද්ද? ඒ ගැන බය වෙන්න එපා. අද වෙන කොට අපේ රටේ දක‍ෂ වෛද්‍යකාර්ය මණ්ඩල වගේම බොහොමයක් රෝහල්වලට අවශ්‍ය පහසුකම් තිඛෙනවා. නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රසූතිය පිළිබඳව ඔබේ ඊලඟ පියවර සාකච්ඡා කරන්නට ඇති. මේ සතිය ඇතුළත නම් අනිවාර්යයෙන්ම චූටියා අම්මාගේ තුරුළට එනවාමයි.

ගැබිනි සමයේ හතලිස් දෙවන සතිය

මේ සතිය වන විටත් ඔබේ කිරි කැටියා සිටින්නේ පසුගිය සතියේ සිටි ප්‍රමාණයන්ගෙන්මයි. සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 3ට ආසන්නන බරක්. උසින් සෙන්ටිමීටර් 52ක් විතර ඇති.

අම්මාගේ ජීවිතයට අලූත්ම අත්දැකීමක්

ඔබගේ ප්‍රසූතිය සඳහා නිර්ණය කෙරුණු දිනය පසු වී අවසන්. මේ තත්ත්වයේදී කිසිදු මවක් ඒ පිළිබඳව බියක් දැක්විය යුතු නැහැ. මන්ද දරුවා මෙතෙක් කුස තුළ සිටීම කිසිදු හානිකර තත්ත්වයක් ඇති වන්නේ නැති බැවිනි. එසේම මේ වන විට දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිිබඳව වෛද්‍යවරයා ඔබ සමග සාකච්ඡා කර අවසන් විය යුතුයි. අපේ රටේ සති 41 දක්වා වුවද දියුණු රටවල නම් 42 සතිය තෙක් ප්‍රසූතිය සිදු වන තුරු බලා සිටීම සාමාන්‍ය තත්ත්වයක්.

කෘතිමව ප්‍රසූත වේදනාව ඇති කරමින් දරුවා සාමාන්‍ය පරිදි බිහිකිරීම පිළිබඳව ඔබ පසුගිය ලිපියක් හරහා දැනුවත් වූවා. එනම් ගැබ් ගෙල විවෘතව නොමැති නම් ඒ සඳහා අවශ්‍ය ඖෂධ වර්ග හා ක්‍රම යොදා ගනිමින් ගැබ්ගෙල විවෘත කිරීම මෙහිදි මූලිකව සිදු කෙරේ. සුදුසු පරිදි ප්‍රසූතිය සඳහා මව සූදානම් කිරීම වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබයි. මේ අතරතුරදී ඔබ හොඳින් මතක තබාගත යුතු කරුණක් නම් මෙම සිදුවීම් අතරමැදදී ඔබේ කිරිකැටියාගේ චලනයන්හි සිදුවන වෙනස්වීමක් හෝ ඔබට දැනෙන වෙනසක් හෝ වේ නම් එය ඔබේ වෛද්‍යවරයා වෙත දැන්වීමට කටුයතු කිරීම අත්‍යවශ්‍ය බවයි. එසේම ප්‍රසූතිය පහසු කිරීම සඳහා වෛද්‍යවරුන් ඔබ වෙතින් බලාපොරොත්තු වනු ලබන සහයෝගය උපරිමව ලබාදමෙන් ඔබේ ප්‍රසූතිය වඩාත් පහසු කරගත හැකි බවයි.

අම්මෙක් වෙන්න යන ඔබ දැන සිටිය යුතු ”පසු ප්‍රසව රක්තපාතය”

දරු ප්‍රසූතියෙන් පැය 24ක් ඇතුළත 500 ml  ට වඩා වැඩි ප්‍රමාණයක රුධිර වහනයක් යෝනි මාර්ගය හරහා ඇති වේ නම් එය පසු ප්‍රසව රක්තපාතය ( PPH – Postpartum Hemorrhage) ලෙස හඳුන්වයි. මෙය 2000 ml  වැඩි නම් අධික පසු ප්‍රසව රක්තපාත තත්ත්වයක් ලෙස හඳුන්වයි.

සාමාන්‍යයෙන් කාන්තාවකගේ සිරුරේ 5500ml ක රුධිර ප්‍රමාණයක් පවතින අතර ගැබිනි සමයේදී සාමාන්‍යයෙන් විනාඩියකදී 500ml – 700ml පමණ රුධිර ප්‍රමාණයක් ගර්භාෂය වෙත ගමන් කරයි. ප්‍රසූතියෙන් පසුව ඉහත දැක්වූ පරිදි රුධිර වහනයක් සිදුවුවහොත් විනාඩි 10 -15 වැනි කාලයක් ඇතුළත සම්පූර්ණ රුධිර ප්‍රමාණය සිරුරෙන් ඉවත් විය හැකියි.  මෙසේ ප්‍රසූතිය සිදු වූ වහාම අධික ලෙස රුධිර වහනය හදිසි තත්ත්වයක් වන අතරම හදිසි ප්‍රතිකාර අවශ්‍ය වේ.

පසු ප්‍රසව රක්තපාත තත්ත්වයට බලපාන හේතු :

මේ තත්ත්වයට මූලිකම හේතුව වන්නේ ප්‍රසූතියෙන් පසුව ගර්භාෂය සංකෝචනය නොවීමයි. වැදැමහේ කොටස් ඉවත් නොවීම, යෝනි මාර්ගයේ හා ගැබ්ගෙලේ ඉරීම්, මවට රුධිරය කැටි ගැසීමේ හැකියාව අවම වීම වැනි රෝග තත්ත්ව තිබීම පසු ප්‍රසව රක්තපාත තත්ත්වයට හේතු විය හැකි අනෙක් කරුණු වේ. සාමාන්‍ය ප්‍රසූතියට වඩා සිසේරියන් සැත්කමෙන් පසු මේ තත්ත්වයට පත් වීමේ ප්‍රවණතාවය ඉහළය.

ගර්භාෂය ප්‍රසාරණය වන ප්‍රමාණය වැඩිවෙත්ම සංකෝචනය වීම අවම වන අතරම පසු ප්‍රසව රක්තපාත තත්ත්වය ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත්තේ පහත සඳහන් මව්වරුන්ටය.

  • ස්ථූලතාවයෙන් පෙලෙන මව්වරුන්
  • ළදරුවා ප්‍රමාණයෙන් විශාල මව්වරුන්
  • දරුවන් හතර දෙනෙකුට වැඩි ගණනක ප්‍රසූත කළ මව්වරුන්
  • වැදැමහ පහතින් පිහිටා ඇති මව්වරුන්
  • නිවුන්/ඊට වැඩි දරුවන් ගණනක් පිළිසිඳ සිටින මව්වරුන්
  • ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් සෑදී ඇති මව්වරුන්
  • පෙර ප්‍රසූතියේදී පසු ප්‍රසව රක්තපාත තත්ත්වය ඇති වූ මව්වරුන්
  • රුධිරයේ කැටි ගැසීමේ ස්වභාවය සම්බන්ධ යම් යම් ගැටලූ ඇති මව්වරුන්
පසු ප්‍රසව රක්තපාතය වළක්වාගැනීම :

මේ තත්ත්වය ඇති වීම සහ එහි බලපෑම අවම කරගැනීමට පියවර කිහිපයකි.

  1. රුධිරයේ Hb මට්ටම 10.5 mg/dl තත්ත්වයට වැඩි මට්ටමේ පවත්වා ගැනීම අවශ්‍ය වන්නේ එවිට මේ තත්ත්වයේදී ඔරොත්තු දීමේ හැකියාව වැඩි වන බැවිනි. ඒ සඳහා මව්වරුන්ට පෙර සිටම යකඩ පෙති ලෙස ලබාදේ. එසේම රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය ඉතාම අඩු මව්වරුන්ට ප්‍රසූතියට පෙර රුධිර පාරවිලයනය කිරීම සිදු කෙරේ.
  2. අපේ රටේ බහුතරයක් මව්වරුන්ට ප්‍රසූතිය සිදු වූ වහාම එන්නත ලබා දෙන අතරම ඒ මගින් ගර්භාෂය සංකෝචන (Active Management of Third Stage) වන වේගය වැඩි කරයි. මෙසේ එන්නත ලබාදීම නිසා මෙම තත්ත්වය 60%කින් පමණ අවම කරගත හැකි වේ.
  1. පසු ප්‍රසව රක්තපාත තත්ත්වයට ගොදුරු වේ යැයි සැක සහිත තත්ත්වයක සිටින මව්වරුන්ට ප්‍රසූතිය සිදු වූ විගස අවධානම් මට්ටමේ සිටින මව්වරුන්ට එම එන්නතට අමතරව ගර්භාෂය සංකෝචනය වීමේ වේගය වැඩි කිරීම සඳහා අවශ්‍ය පරිදි පියවරෙන් පියවර ඖෂධ (Prophylactic Management) වර්ග ලබාදීම සිදුකෙරේ. මෛගින් මේ තත්ත්වය දක්වා වර්ධනය වීම වළක්වා ගනී.
  2. තවද මේ තත්ත්වයට අවධානමක් ඇති මව්වරුන්ගේ ප්‍රසූති අවස්ථාවේදී අවශ්‍ය රුධිරය සූදානම් කර තබාගන්නා තරම අවශ්‍ය වූ සැණින් රුධිරය ලබාදීම සිදු කෙරේ.
  3. ප්‍රසූතියෙන් පසුව මව පැය දෙකක් සූතිකාගාරයේ රඳවා ගනිමින් හොඳින් නිරීක‍ෂණය කරයි. එහිදී විනාඩි 15කට වරක් මවගේ හෘද ස්පන්දනය, රුධිර පීඩනය, ගර්භාෂ සංංකෝචනය මෙන්ම රුධිර වහනය ඇතුළු බොහෝ දේ පිිබඳව අවධානය යොමුකරන අතරම මෙහි අරමුණ වන්නේ නිසි අවස්ථාවේ රෝගය හඳුනා ගනිමින් ප්‍රතිකාර ආරම්භ කිරිමයි.
පසු ප්‍රසව රක්තපාත තත්ත්වය ඇති වූ විට :

මෙහිදී මූලිකව වැදගත් වන්නේ රෝග තත්ත්වය නිසි අවස්ථාවේ නිවැරදිව හඳුනා ගැනීමයි. ඉතා හදිසි තත්ත්වයක් වන මෙය එසේ හඳුනා ගත් විගස මවගේ ජීවිතය බේරාගැනීමේ අරමුණෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග වෙත වෛද්‍යවරුන් ඉතා ඉක්මණින් යොමු වේ. මෙහිදී,

  • ප්‍රමාණයෙන් විශාල එන්නත් කටු යොදාගනිමින් රුධිර මෙන්ම සේලයින් වැඩි ප්‍රමාණයක් ලබාදීම සිදු කෙරේ.
  • ක්‍රමාණුකූලව ගර්භාෂය සම්භාහනය කරයි
  • ඇති වන තත්ත්වය අනුව අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම ඉක්මණින් ලබාදේ.
  • පියවරෙන් පියවර ඛෙහෙත් වර්ග දෙන අතරම මේ ප්‍රතිකාර ක්‍රම සියල්ලම සිදුකළද තවදුරටත්

අධික ලෙස රුධිර වහනය සිදු වේ නම් ශල්‍යාගාරය වෙත රැගෙන ගොස් බැලුනයක් වැනි උපකරණයක් යෝනි මාර්ගය තුළින් ගර්භාෂයට ඇතුළු කිරීමෙන් ටැම්පර්නාඩ් යෙදීම සිදුකරයි.

එම ක්‍රමයේදී ප්‍රතිඵලයක් නොමැති නම් ශල්‍යාගාරයේදී සැත්කමකට යොමු කර ගර්භාෂයේ ගැට දැමීම (Compression Sutures සිදුකරයි. තවද ගර්භාෂය වෙත රුධිරය ගෙන එන නහර ගැට ගැසීම ද සිදුකරයි.

ඉහත පියවර සියල්ල අසාර්ථක නම් එනම් රුධිර වහනය නතර කළ නොහැකි වුවහොත් අවසාන පියවර ලෙස ගර්භාෂය ඉවත් කිරීමට සිදුවේ. මේ තත්ත්වය ඇති වීමේ ප්‍රවණතාවය දහසකට එකේ සිට දසදහසකට එකක් දක්වා විය හැකිය. එසේම රුධිර වහනය අධික නම් එසේ පියවන රුධිර ප්‍රමාණය පාරවිලයනය කෙරෙන අතරම රුධිරය පයින්ට් 20/30 ලබාදී මව්වරුන්ගේ ජීවිත බේරාගත් අවස්ථාව බොහෝය.

ඇතැම් මව්වරුන්ට මෙසේ ඉහත දැක්වූ පරිදි පියවරෙන් පියවර එක් එක් ප්‍රතිකාර ක්‍රම කළ නොහැකි තත්ත්වයක සිටී නම් එක්වරම ගර්භාෂය ඉවත් කිරීම සිදුකරයි. මේ සියල්ල මවගේ ජීවිතයට හානි වීම වළක්වා ගැනීමේ අරමුණෙන් සිදුකරයි.

ද්විතියික පසු ප්‍රසව රක්තපාත තත්ත්වය (Secondary Postpartum Hemorrhage)

ප්‍රසූතියෙන් පැය 24 සිට සති හය දක්වා යෝනි මාර්ගයෙන් 500පක ට වඩා වැඩි ප්‍රමාණයක රුධිර වහනයක් සිදු වේ නම් ඒ තත්ත්වය ද්විතියික පසු ප්‍රසව රක්තපාත තත්ත්වය ලෙස හඳුන්වයි. ප්‍රධානව මේ තත්ත්වයට හේතු වන්නේ ගර්භාෂ බිත්තියේ ඇති වන අසාදන තත්ත්වයකි. මෙය විෂබීජ ඇතුළුවීම /වැදමහේ කුඩා කැබලි ඉතිරි වීම වැනි තත්ත්ව මත සිදුවන අසාදනයක් විය හැකිය. ප්‍රසූතියෙන් පසු පළමු සති හයේදී ගර්භාෂය යථා තත්ත්වයට (ගර්භාෂය සාමාන්‍යයෙන් අත මිට මෙලවූ විට ඇති ප්‍රමාණය වේ) පත් වෙන අතර විටින් විට ඇති වන උදර වේදනාව/උදරය තෙරපෙන ස්වභාවය එහිදී සාමාන්‍ය තත්ත්වයකි. මව්කිරි දීමේදී මෙම තත්ත්වය තවත් වැඩි විය හැකිය. විටින් විට රුපියල් දෙකේ කාසියේ ප්‍රමාණයට වඩා කුඩා රුධිර කැට පිටවීමද මෙසේ ගර්භාෂය සංකෝචනය වීමේදී ඇති වීමද සාමාන්‍ය තත්ත්වයකි.

මේ නිසා සෑම මවක්ම මවක් රෝහලෙන් පිටව ගිය පසුවද පළමු සති දෙක ඇතුළත මාසික ඔසප් සිදුවන අවස්ථාවේදී මෙන් තද රතු පැහැ රුධිරය වහනය සිදු වේ නම්, අධික ලෙස උදර වේදනාවක් ඇත්නම්, තද උණ (උණ බැලීම සඳහා සැමවිටම උෂ්ණත්වමානය යොදා ගන්න. අතට දැනෙන රස්නය අනුව සිරුරේ උණ තත්ත්වය පිළිබඳව නිර්ණය කළ නොහැක), වෙව්ලීම සමග අධික උණ, යෝනි මාර්ගයෙන් සැරව පිටවීම හා රුපියල් දෙකේ කාසියට වඩා විශාල ප්‍රමාණයේ රුධිර කැටිති පිටවීම යන තත්ත්වයන්වලදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අතරම එහිදී දින හතක් පුරා ප්‍රතිජීවක ඖෂධ ලබා දේ. එසේම ඇතැම් අවස්ථාවලදී ගර්භාෂය සේදීම සිදුකරයි.

එසේම මෙවැනි මව්වරුන් නැවත මාසයකින් රුධිර පරීක‍ෂාවකට යොමු වී පරීක‍ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. වෛද්‍ය උපදෙස් පිළිපදිමින් යකඩ පෙත ලබා ගැනීම ද කළ යුතුය.

මෙම පසු ප්‍රසව රක්තපාත තත්ත්වය සාමාන්‍ය ප්‍රසූතිය සිදුකළ මව්වරුන්ට වඩා සිසේරියන් සැත්කමට බඳුන් වූ මව්වරුන්ට ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළය.

මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් මවක් :

මේ තත්ත්ව යටතේ මවක් පැය 24 – 48 දක්වා ඇතුළත හොඳින් නිරීක‍ෂණය කෙරෙන අතරම ඔවුන් බොහෝවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මෙවැනි මවක් ශාරීරිකව මෙන්ම මානසිකවද දුර්වල  විය හැකි අතරම ඇයට යථා තත්ත්වයට පත්වීමට තම සැමියාගේ මෙන්ම නිවැසිය්ගේද සහයෝගය අවශ්‍ය වේ. එසේම ඇතැම් මව්වරුන්ට උපදේශන සේවාවන්හි සහය ලබා ගැනීමටද සිදුවිය හැකිය.

බොහොමයක් ආසියාතක රටවල මව්වරුන් මිය යාමේ මූලික හේතුව ලෙස පසු ප්‍රසව රක්තපාත තත්ත්වය දැක්විය හැකි වුවත් දියුණු රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද අද වන විට පසු ප්‍රසව රක්තපාතය යනු මාතෘ මරණ සඳහා මූලිකම හේතුවක් නොවීම සතුටට කරුණකි. ඉතාම කලාතුරකින් මිස මෙය ඇතුළත් වන්නේ වළක්වාගත හැකි මාතෘ මරණ හේතු අතරටයි. තත්ත්වය ඉක්මණින් හඳුනා ගැනීම හා අවශ්‍ය ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවේ ලබාදීම තුළින් මේ තත්ත්වය වළකාවා ගත හැක.  නිසි අවබෝධය තුළන් ලබා දෙන වෛද්‍ය ප්‍රතිකාර මත මවක් මරණයට පත් වීම සිදු නොවන අතරම ඉතාම කලාතුකින් විවිධ හේතු මත මාතෘ මරණ වාර්තා විය හැකිය.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here