- Advertisement -

ගැබිනි සමයේ තිස්අටවන සතිය

-
චූටියා එන්න, තව ටික දවසයි…

දැන් නම් චූටියාගේ මූණ බලන්න කාලය ලං වෙනවා හොඳටම. අම්මට ඉවසිල්ලක් නෑ. අම්මට විතරක් නෙවේ. ඒක තාත්තටත් ඒ විදියමයි.

ගැබිනි සමයේ තිස්අටවන සතිය

දැන් ඔබේ කිරි කැටියා හොඳින් වර්ධනය වෙලා. බර රාත්තල් 6.8 ක් විතර වෙලා. උස අඟල් 19.5 ට වැඩියි. දැන් පැටියා ලොකුයි නේද? දැන් කිරි කැටියා ගර්භාෂයෙන් එළියට එන්න සූදානම් වෙලයි ඉන්නේ. සියලු අවයව පරිණත වී කුසෙහි  පිටත ජීවිතය සඳහා බබා සූදානම් වී ඇත.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ඔබ දැන් සති 38 ක ගැබිනියක්. ඔබේ බබා දැන් ගර්භාෂයෙන් පහලට හැරී ඇති අතර ප්‍රසූත වේදනා ටිකින් ටික දැනීමට පටන් ගනී. මේ වන විට රෝහලට ගෙන යන බෑගය අසුරා ඕනෑම වේලාවක රෝහලට යාමට ඔබ සූදානම් වී සිටිය යුතුය.  බබාගේ චලනයන් නිරන්තරයෙන් ඔබට දැනෙන්නට පටන් ගනී. එය වඩා තීව්‍ර හා වේදනාකාරී වේ.

මේ වන විට ඔබේ දරුවා බිහි කිරීමට සිරුර සූදානම් වී ඇත. ගැබ් ගෙලෙහි වෙනස්කම් ඇති වේ. ඔබ සති 38 දී වෛද්‍යවරයා මුණ ගැසීමට ගිය විට ඔබේ ගැබ්ගෙල පරීක‍ෂා කරනු ඇත. මේ වෙනස්කමක් පවතී නම් වෛද්‍යවරයාට හඳුනාගැනීමට පුළුවන.

තුනී ගැබ්ගෙලක් ඇති අයෙකුගේ යම් දරුවා ලැබීමේදී ගැබ් ගෙල පහසුවෙන් විශාල වීම සිදු වේ. මෙම කාලය වන විට දරුවාගේ හිස ගැබ් ගෙල දෙසට යොමු වී බිහි වීමට අවශ්‍ය වටපිටාව සූදානම් වී නැත.

පාද ඉදිමීම හා වළලූකර ඉදිමීම මේ කාලයේ සාමාන්‍ය රෝග ලක‍ෂණයි.

ශරීරය තුළ සිදුවන පීඩනය, නහරවල පීඩනය නිසා රුධිරය සංසරණයේ සිදුවන වෙනස්කම් ද හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති වීම ස්වභාවිකය.

නමුත්, මෙම ඉදිමීම සාමාන්‍ය තත්ත්වයට වඩා බරපතල ලෙස වර්ධනය වීමක් ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම අවශ්‍යය. එමෙන්ම, දිගටම පවතින හිසරදය, දර්ශන නොපැහැදිලි වීම, පෙනීමේ වෙනස්කම්, උදරයේ ඉහළින් වේදනාවක් නැති වීම, ඔක්කාරය සමග ඒන අපහසුතා ආදී ලක‍ෂණ පහළ වුවහොත් ඒ සඳහා ප්‍රතිකාර ගැනීමද අවශ්‍ය වේ.

ඔබේ අලූත උපදින්නට සූදානම් වන කිරි කැටියා වෙනුවෙන් ඔබේ පියයුරු වලින් කිරි වෑස්සීම මේ කාලයේදී සිදු විය හැකි අතර උත්තරීතර මව් පදිවය පිළිගන්නට ඔබේ සූදානම එය මනාවට කියාපයි.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු ” ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම ”

මිනිසුන්ට දැනෙන වේදනා අතරින් ප්‍රසූත වේදනාව යනු වැඩි වේදනා තත්ත්වයක් බව සැබෑය. නමුත් ඕනෑම වේදාවක් මෙන්ම ප්‍රසූත වේදනාව ද එක් එක් කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වේ. ඒ ඕනෑම කාන්තාවක් මේ තත්ත්වයට මුහුණ දෙන මානසිකත්වය අනුවයි. උදාහරණයක් ලෙස පෙර ලැබූ අත්දැකීම්/වෙනත් අයෙකුගේ අත්දැකීම් හෝ නොදැනුවත්කම මත අහේතුකව ඇති වන අධික බිය, ප්‍රසූතිය පිළිබඳව ධනාත්මක ආකල්පයක් නොමැති වීම වැනි සිතුවිල්ලෙන් සිටීම නිසා කාන්තාවකට ප්‍රසූත වේදනාව අධික ලෙස දැනීමට ඉඩ ඇත. අන්න ඒ නිසාම වේදනාව යනු මානසික තත්ත්වයට අනුව අඩු/වැඩි වෙන තත්ත්වයකි. ප්‍රසූතිය පිළිබඳව නිවැරදිව දැනුවත් වීම සහ ධනාත්මක සිතුවිලි වේදනාව අවම කරගැනීමට විශාල පිටිවහලක් ලැබේ.

එසේම අද වන විට ප්‍රසූත වේදනාව අවම කිරීම සඳහා අවම මට්ටමේ සිට උපරිම මට්ටම දක්වා වූ ක්‍රම බොහොමයක් හඳුන්වා දී ඇත.

ප්‍රසූත වේදනා අඩු කරන ක්‍රම :

අතීතයේදී මව්වරුන්හට ප්‍රසූත වේදනාව අවම කර ගැනීම සඳහා ඖෂධ රහිත/සහිත ක්‍රම භාවිත නොවුණ අතරම කෙසේ හෝ ඔවුන් ඒ වේදනාව දරා ගනිමින් දරුවා බිහිකිරීම සිදු කළ ද අද වන විට වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගින් ප්‍රසූත වේදනාව අවම කිරීමේ ක්‍රම කිහිපයක් සඳහාම පහසුකම් අප සතුව ඇත. නමුත් ඇතැම් වැඩිහිටි කාන්තාවන්ගේ අදහස වන්නේ කාන්තාවක් ලෙස මවක් වීමේ වේදනාව දරාගත නොහැක්කේ ඇයි ද යන්නයි. ඒ අදහස් ඔවුන් දක්වන්නේ ඔවුන් ප්‍රසූතියේදී ලැබූ අත්දැකීම් සමග වුවද පෙර සඳහන් කර පරිදිම වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගින් අද වන විට ඕනෑම අවස්ථාවකදී වේදනාව අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රම යොදාගනී. දරු ප්‍රසූතිය යනු උපරිම වේදනා සහිත තත්ත්වයක් බැවින් මේ සඳහා ඖෂධ රහිත/සහිත වේදනාව අවම කිරීමේ ක්‍රමයක් ලබාගැනීම මවකගේ අයිතිවාසිකමක් වන අතරම අධික වේදනාව දරා ගත නොහැකි මව්වරුන්ගේ ප්‍රසූති ක්‍රියාවලිය ගැටලූකාරී විය හැකි බැවින් වෛද්‍ය විද්‍යාවට අනුව ද වේදනාව අවම කිරීමේ ක්‍රම භාවිතය අවශ්‍ය බව පැවසේ.

ප්‍රසූතියේදී වේදනාව අවම කරන ක්‍රම කොටස් දෙකකි. එනම්,

  • Non Pharmacological Methods (ඖෂධ භාවිතයකින් තොරව ප්‍රසූත වේදනාව අවම කිරීම)
  • Pharmacological Methods (ඖෂධ භාවිත කර ප්‍රසූත වේදනාව අවම කිරීම)
Non Pharmacological Methods (ඖෂධ භාවිතයකින් තොරව ප්‍රසූත වේදනාව අවම කිරීම)

බොහොමයක් දියුණු රටවල ප්‍රසූත වේදනාව අවම කිරීම සඳහා යොදාගන්නේ මෙම ක්‍රමයයි. එනම් ප්‍රසූත වේදනාව අවම කරගැනීමට ඖෂධ හැර වෙනත් ක්‍රම භාවිතයයි. ඔවුන් ජල තටාකවල දරුවා බිහිකිරීම (Water Birth) සිදු කරයි. ඔවුන් ඒ වටපිටාව සුවඳවත් කොට තමා අසන්නට ප්‍රියකරන සංගීතයක් සමගින් තමා කැමති අයෙකු සමග මේ අවස්ථාව ඛෙදාගනිමින් තම මනස සමබර කරගනිමින් ප්‍රසූති අවස්ථාව ඉතාම ධනාත්මක අත්දැකීමක් බවට මෙන්ම වේදනාව අවම තත්ත්වයට පත්කර ගනී. එසේම ස්වසන ව්‍යායාමවල යෙදීම ද ප්‍රසූත වේදනාව අවම කරගැනීමට යොදාගන්නා තවත් ක්‍රමයකි. තවද සම්බාහය ද මේ අතරට අයත් වේ.

නමුත් ශ්‍රී ලංකාවේ පවතින පහසුකම්වලට අනුව ගත් කළ ස්වසන ව්‍යායාම සහ ප්‍රසූති අවස්ථාවේ තමාගේ මව/සහෝදරිය/යෙහෙළිය (Labor Companion) ළඟ තබාගැනීමට මෙම ක්‍රමය යටතේ මව්වරුන්ට අවස්ථාව සැලසේ.

Pharmacological Methods (ඖෂධ භාවිත කර ප්‍රසූත වේදනාව අවම කිරීම)

මෙහිදී ප්‍රසූත වේදනාව අවම කිරීම සඳහා ඖෂධ වර්ග ලබා දීම සිදු කෙරෙන අතරම එය මව්වරුන් සතු මානුෂීය අයිතිවාසිකමක් ලෙසට සැළකේ. මේ අවස්ථාවේ ඇති වන වේදනාව අවම කිරීමට අවම මට්ටමේ සිට උපරිම මට්ටම දක්වා වූ වේදනා නාශක ලබාදීම සිදුකෙරෙන්නේ එබැවිනි. එනම් අවම මට්ටමේ වේදනා නාශකයක් ලෙස පැරසිටමෝල් පැය හයෙන් හයට ලබා දීමෙන් මෙය ආරම්භ වේ. කුමන වේදනා නාශක ඖෂධය ලබා දුන්නද ඒ සියල්ල ලබාදිය යුත්තේ වේදනාව ඇති වීමට පෙරයි. වේදනාව ඇති වීමෙන් පසුව ඖෂධ ලබාදීම නිෂ්ඵලය. එනම් ඖෂධවල ක්‍රියාකාරීත්වය දුර්වල වන බැවිනි.

ශ්‍රී ලංකාවේ භාවිත වන ප්‍රසූත වේදනාව අවම කරන වේදනා නාෂක ක්‍රම 
  • Gas & Air හෙවත් නයිට්‍රස් ඔක්සයිඩ් (NO2) වායුව
    කාසල් වීදියේ කාන්තා රෝහල සහ ද සොයිසා කාන්තා රෝහල ඇතුළු රජයේ රෝහල් කිහිපයකද පෞද්ගලික අංශයේ රෝහල් කිහිපයක ද මෙම ක්රමය සඳහා පහසුකම් පවතී. මෙහිදී NO2 වායුව මගින් වේදනාව අවම කරවන අතරම මව විසින් එය ඉරීම සිදු කළ යුතුය. පළමුවර වමනය/කරකැවිල්ල වැනි තත්ත්වයන් ඇති විය හැකි අතරම පසුව ඒ තත්ත්වය මගහැරී යයි.
  • පෙතිඩින්
    මෙය ශ්රී ලංකාවේ බහුලම භාවිත වන ප්රසූත වේදනාව අවම කිරීමේ ක්රමයකි. සාමාන්යයෙන් පැය හතරකට වරක් එන්නතක් වශයෙන් ලබා දෙන මෙය ලබා දිය හැකි වාර ගණන සීමිතය. එසේම මවට ලබාදීමෙන් ළදරුවාට ද ගමන් කරන බැවින් ප්රසූතියෙන් පසුව ළදරුවාට ස්වසනය හා සම්බන්ධ යම් යම් ගැටලූ මතුවිය හැකි වුණද ඒ සඳහා අවශ්ය ඖෂධ වර්ග ලබාදීම සිදු කෙරේ. මවට වමනය ඇති විය හැකි අතරම එය වැළැක්වීම සඳහාත් ඖෂධ ලබා දේ.
  • එපිඩියුරල් ක්රමය
    මවගේ පිට කොන්දේ පහළ කොටසට නිර්වින්දන ඖෂධයක් එන්නත් කිරීමෙන් වේදනාව සමනය කර දරුවා බිහි කිරීම මෙහිදී සිදු වේ. ප්රථමයෙන් සියුම් එන්නත් කටුවක් කොඳු ඇට පෙළ අතරින් ඇතුළු කර ඒ හරහා කැතීටරයක් ඇතුළු කර ඉදි කටුව ඉවත් කර කැතීටරය අගට සම්බන්ධ කළ බටයක් තුළින් ඛෙහෙත් වර්ග ඇතුළු කෙරේ. හුස්ම ඉහළ පහළ යාම ගැන අවධානය යොමු කරමින් මෙය සිදු කරන තුරු ඔබ නිශ්චලව සිටිය යුතුය. එලෙස නලය තුළින් ඛෙහෙත් වර්ග ඇතුළු කළ පසු ගර්භාෂයේ සහ ගැබ් ගෙලෙහි සිට මොළයට පණිවුඩ ගෙන යන ස්නායු තාවකාලිකව අඩපණ කරයි. මේ නිසා වේදනාව නොදැනී යයි. එසේම ප්රසූති අවස්ථාවේදී වේදනාව නොමැති බැවින් තැටමීම නිසි ලෙස සිදුනොවීම හේතුවෙන් වැකියුම්/අඬු භාවිත කොට ළදරුවා පිටතට ගැනීමට සිදුවන ප්රවණතාවය ඉහළ යන අතරම සිසේරියන් සැත්කමක් සිදුකිරීමේ ප්රවණතාවයක් නොමැත. වැකියුම්/අඬු භාවිත කොට ප්රසූතිය සිදුකිරීම හේතුවෙන් සියලූ පහසුකම් තිබියදීම මේ ක්රමය ප්රතික්ෂේප කරන්නේ නම් එය අනුවණ ක්රියාවකි.මේ සඳහා පුහුණුව ලත් වෛද්යවරුන්/හෙදියන් සිටිය යුතු අතරම ප්රසූතියෙන් පසුව ළදරුවා මෙන්ම මවද ඉතා හොඳින් නිරීකෂණය කළ යුතුය. මිල අධික වීම, පුහුණ පිරිස් අවම වීම වැනි හේතු මත මෙම ක්රමය හොඳම ක්රමයක් වුවද භාවිතය අවම වේ.මෙම ක්රමය නිසා සංකූලතාවයන් ඇති වීමේ ප්රවණතාවය අවම වන අතරම කොන්දට ලබාදෙන එන්නත හේතුවෙන් පසුකාලීනව කොන්දේ වේදනාවක් හටගනීය යන වැරදි මතයක් අප අතර පවතී. නමුත් මෙම එන්නත හේතුවෙන් එවැනි තත්ත්වයක් හටගත හැක්කේ ඉතාම කලාතුරකින් අතරම එසේ වන්නේ දරු ප්රසූතියෙන් පසු මව්වරුන් ළදරුවා වඩා ගැනීමේදී මෙන්ම අනෙක් වැඩ කටයුතුවලදී නිවැරදි ඉරියව් භාවිත නොකිරීම නිසාය.
  • ස්පයිනල් ක්රමය
    මෙය ඉතා ඉක්මණින් වේදනාව නැති කරන ක්රමයකි. මෙය යොදාගන්නේ සිසේරියන් සැත්කම සඳහායි. මෙම එන්නත ලබාදීමෙන් අනතුරුව කොන්දෙන් පහළ කොටස අප්රාණික වන අතරම එය නැවත යථා තත්ත්වයට පත්වීමට පැය හයක පමණ කාලයක් ගත වේ. එසේම මුත්රාශය පවා අඩපණ වන බැවින් මුත්රා ඉවත් කිරීම සඳහා කැතීටරයක් යෙදම සිදු කෙරේ.
  • එපිස් කැපුම යෙදීමේදී සහ මැහුම් යෙදීමේදී ඒ ප්රදේශය හිරිවැටීම සඳහා ලබා දෙන එන්නත
  • සාමාන්ය දරු ප්රසූතිය/සිසේරියන් සැත්කම හරහා සිදුවන ප්රසූතිය යන අවස්ථා දෙකේදීම අසාත්මිකතාවයන් හෝ ඇස්මා වැනි රෝග තත්ත්ව නොවේ නම් ළදරුවාට අහිතකර නොවන ඖෂධ වර්ග වන පැරසිටමෝල් වැනි ඖෂධ වර්ග ලබාදීම සිදු කෙරේ.

අද වන විට ඕනෑම මවකට දරු ප්රසූතියේදී වේදනා අවම කර ගැනීම සඳහා ඉහත දැක්වූ ක්රම මගින් අවස්ථාව උදා වී ඇති අතරම එය සෑම මවකගේම මානුෂිය අයිතිවාසිකමකි. එසේම අනවශ්ය ශල්යකර්මවලින් තොරව මෙවැනි ක්රම හරහා සාමාන්ය ප්රසූතිය වෙත යොමු වීමෙන් පසුකාලීනව ඇති විය හැකි බොහොමයක් සංකූලතාවයන් වළක්වා ගැනීමේ වාසිය ද මව්වරුන් සතුවේ.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article