- Advertisement -

ගැබිනි සමයේ විසිපස්වන සතිය

-
අම්මට ලැඛෙන ප්‍රසූත නිවාඩු ගැන සොයලා බලන්න. වැඩිපුර කාලයක් චූටියා එක්ක ඉන්න පුළුවන් වුණොත් ඒක දෙන්නටම හොඳයි.

අම්මා දන්නවානේ ප්‍රසූත නිවාඩු ගැන. අම්මා රාජ්‍ය සේවයට සම්බන්ධ අයෙක් නම් පළමු සහ දෙවන දරු උපත් සඳහා වැඩකරන දින 84ක වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලැඛෙනවා. ඒත් මේ අම්මට ලැඛෙන තුන්වන දරුවා නම් නිවාඩු ලැඛෙන්නේ වැඩකරන දින 42ක් විතරයි. හැබැයි මේ දරුවන් තුන්දෙනාටම මාස හය සම්පූර්ණ වන තෙක පැයක කිරි නිවාඩුවක් ලැඛෙනවා.

අම්මා පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා නම් ආයතනයේ ඇති පණතට අනුව හිමිවන නිවාඩු ලැඛෙනවා. ප්‍රසූතිකාධාර ආඥා පනත යටතේ ප්‍රසූතිකාධාර ලබන පෞද්ගලික අංශයේ සේවය කරන මව්වරුන්ට දරුවාට අවුරුද්දක් සම්පූර්ණ වන තෙක් දිනකට පැයක කිරි නිවාඩුවක් ලැඛෙනවා.

ඒ වගේම සමහර අම්මලා වැඩි කාලයක් දරුවන් එක්ක ඉන්න ඕනේ කියලා හිතලා පඩි රහිතව නිවාඩු ගන්න අවස්ථාත් තියෙනවා. ඉතිං අම්මා හෙමිහිට මේ තොරතුරු සොයලා බලලා චූටියා ළඟ වැඩි කාලයක් ඉන්න වෙලාව හදාගන්න.

ගැබිනි සමයේ විසිපස්වන සතිය

විසිපස්වන සතිය වන විට බිළිඳාගේ හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර් 34.6 පමණ වෙනවා. ඒ වගේම ග්‍රෑම් 660ක පමණ බරකින් යුක්තයි. ඒ වගේම බිළිඳු සම මත දක්නට ලැබුණු රැලි සහිත බවට ටිකෙන් ටික අඩුවෙමින් පෘෂ්ටිමත් බවක් බිළිඳාට ලැඛෙමින් පවතිනවා. හිස කෙස් තවදුරටත් වැඩීම සිදුවන අතරම මේ වෙද්දී වර්ණක සැකසී ඇති නිසා ඒවා කලූපැහැයෙන් යුක්තයි. මහපට ඇඟිල්ල ඉරීම මෙන්ම ඈනුම් යැවීමද සිදුකරයි.

බිළිඳාගේ කොඳු ඇට පෙළ මේ වන විට අස්ථි බන්ධන දහසකින් ද සන්ද 150කින්ද මුදු 33කින්ද සමන්විතය. බිළිඳාගේ නාස් කුහර මේ වන විට විවෘතව පවතී. මේ කුඩා නාස් පුඩු මගින් උල්බ තරලය ඇතුළතට ගැනීම මෙන්ම පිටකිරීම සිදුකරනවා. බිළිඳාගේ ගෙල ඍජුව තබාගැනීමට හැකියාවක් නොමැති අතරම ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය වනු ඇත. මේ වන විට සමෙහි පැවති විනිවිද පෙනෙන ස්වභාවය අඩු වී ඇති අතරම රුධිර නාලිකා පිටතට නොපෙනේ. බිළිඳාගේ දෙඅත් ඇඟිලි සළකුණ සමගම මේ වන විට හොඳින් සැකසී තිබේ.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

දිනෙන් දින විශාල වන උදරයත් සමගම ඔබේ සිරුරේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වන නිසා සමබරතාවයේ යම් යම් ගැටලූ ඔබට පෙර කී පරිදිම දරු ප්‍රසූතිය දක්වා තිබිය හැකියි. හැකිතාක් ප්‍රවේසමෙන් තම කටයුතුවල නිරතවීමට වගබලා ගත යුතුයි. ප්‍රසූතිය දක්වාම ගැබිනි මවට පෙර ලිපිවල සඳහන් කරන ලද අපහසුතාවයන් අඩු වැඩි වශයෙන් දැනෙන අතරම යම් යම් දේ සඳහා යම් යම් උපක්‍රම පිළිබඳව අපි ඔබව දැනුවත් කරනු ලැබිවා. මේ සතිය තුළදීත් පෙර සඳහන් තළ ගැබිනි සමයේ සාමාන්‍ය අපහසුතාවලට අමතරව හිසකෙස් ඝණකම් බවින් වැඩිවීම, දිගු හුස්ම ගැනීමේ අපහසුව නිසා කෙටි හුස්ම ගැනීමට සිදු වීම, නින්දෙන් ගෙරවීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

එසේම අත් හිරිවැටීම, පොපියන සුලූ බවද ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකිවේ. මේ තත්ත්වය Carpal Tunnel Syndrome (CTS)  ලෙස හැඳින්වේ. මේ පිළිබඳව සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් මෙහිදී ලිපිය අවසානයේදී ඔබට ලැඛෙනු ඇත.

ගැබිනි සමයේ 25 වන සතියේ සිටින මවකගේ සාමාන්‍ය බර වැඩි වීම රාත්තල් 17ක් 18ක් පමණ ප්‍රමාණයක් වේ.

BMI අගයට අනුව ඔබේ බර නිවැරදි අගයේ පවතී නම් ගැටලූවක් නොමැත.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු   ”මැණික් කටුව ආසන්නයේ හිරිවැටීමේ සහලක්ෂණය”

මේ වන විට ඔබේ සිරුරේ වෙනස්කම් රාශියක් සිදු වී හමාරයි. කොන්දේ වේදනාව, විඩාබර බව, දෙපා ඉදිමුම වගේ ඔබ අත්විඳින අපහසුතා අතරට එක් වන තවත් තත්ත්වයකි, අත්ල හිරිවැටීම හෙවත් Carpal Tunnel Syndrome තත්ත්වයයි. බොහෝවිට මහපට ඇඟිල්ල, දබරැඟිල්ල හා මැදගිල්ල යන ස්ථානවලට පමණක් සීමා වන මේ තත්ත්වය ඇතමුන්ගේ එක් අතකට පමණක්ද ඇතැමුන්ගේ අත් දෙකටම ද ඇති විය හැකිය. යමක් අතින් රැගෙන යන විට, පෝල මිරිකන විට වගේම රෙදි මිරිකන විටද අතෙහි අප්‍රාණික බවක් ඇති විය හැකිය. අතේ වේදනාව රාත්‍රී කාලයේදී වැඩි විය හැකි අතරම අත එල්ලා වැටෙන සේ තබාගැනීම මගින් වේදනාව යම් තාක් දුරකට අවම කරගත හැකිවේ.

ගැබිනි මව්වරුන්ට මේ තත්ත්වය ඇති වන්නේ ගැබිනි බවත් සමගම සිරුරේ පවතින ජල මට්ටම වැඩි වීමක් සිදු වන නිසයි. එහිදී මහපට ඇඟිල්ල, දබරැඟිල්ල හා මැදගිල්ල ප්රදේශය හා අත්ලේ මාංශ පේශී කිහිපයකට ස්නායු සැපයුම ලබා දෙන ප්‍රධානතම ස්නායුව වන මධ්‍ය ස්නායුව මැණික් කටුව අසලදී කුඩා අස්ථී විවරයක් තුළින් ගමන් කිරීම නිසා සිරුරේ ඉදිමුම් ස්වභායත් සමගම ස්නායුව තෙරපීමකට ලක්වෙනවා. එමගින් මෙම වේදාකාරී තත්ත්වය හටගන්නා අතරම මේ තත්ත්වයට බලපෑ හැකි තවත් හේතු ලෙස මැණික් කටුව ආශ්‍රිත අස්ථී බිදීමකට ලක්ව තිබීම, දියවැඩියාව, තයිරොයිඩ් හෝර්මෝනය අඩු වීම, අධික තරබාරු බව, ආතරයිටීස් වැනි තත්ත්වයන් දැක්විය හැකිය.

මේ තත්ත්වයේ ලක‍ෂණ

  • අත්ල ආශ්‍රිතව හිරිවැටීම
  • කටු අනිනවාක් බඳු වේදනාව
  • සංවේදී බව අඩුගතිය

මේ තත්ත්වය යම්තාක් දුරට හෝ වළක්වා ගැනීමට නම් මැණික් කටුව ආශ්‍රිත චලනයන් හැකිතාක් අවම කිරීම වඩාත් සුදුසු වන අතරම සරල ව්‍යායාම සඳහා යොමුවීමට ඔබට හැකිියි. මේ තත්ත්වය 100%ක් සුව කිරීමට නොහැකි වන අතරම දරු ප්‍රසූතියෙන් පසු මගහැරීයයි. මැණික් කටුව අවට වෙළුමක් යෙදිම මේ තත්ත්වයේදී සිදුකරයි. නමුත් ඊට පෙර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. මෙය අධික වේදනාවක් සහිතව ඔබේ එදිනෙදා වැඩ කටයුතු කෙරෙහි බාධා පමුණුවන තත්ත්වයක් වේ නම් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.

අම්මට ලැඛෙන ප්‍රසූත නිවාඩු ගැන සොයලා බලන්න. වැඩිපුර කාලයක් චූටියා එක්ක ඉන්න පුළුවන් වුණොත් ඒක දෙන්නටම හොඳයි.

අම්මා දන්නවානේ ප්‍රසූත නිවාඩු ගැන. අම්මා රාජ්‍ය සේවයට සම්බන්ධ අයෙක් නම් පළමු සහ දෙවන දරු උපත් සඳහා වැඩකරන දින 84ක වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලැඛෙනවා. ඒත් මේ අම්මට ලැඛෙන තුන්වන දරුවා නම් නිවාඩු ලැඛෙන්නේ වැඩකරන දින 42ක් විතරයි. හැබැයි මේ දරුවන් තුන්දෙනාටම මාස හය සම්පූර්ණ වන තෙක පැයක කිරි නිවාඩුවක් ලැඛෙනවා.

අම්මා පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා නම් ආයතනයේ ඇති පණතට අනුව හිමිවන නිවාඩු ලැඛෙනවා. ප්‍රසූතිකාධාර ආඥා පනත යටතේ ප්‍රසූතිකාධාර ලබන පෞද්ගලික අංශයේ සේවය කරන මව්වරුන්ට දරුවාට අවුරුද්දක් සම්පූර්ණ වන තෙක් දිනකට පැයක කිරි නිවාඩුවක් ලැඛෙනවා.

ඒ වගේම සමහර අම්මලා වැඩි කාලයක් දරුවන් එක්ක ඉන්න ඕනේ කියලා හිතලා පඩි රහිතව නිවාඩු ගන්න අවස්ථාත් තියෙනවා. ඉතිං අම්මා හෙමිහිට මේ තොරතුරු සොයලා බලලා චූටියා ළඟ වැඩි කාලයක් ඉන්න වෙලාව හදාගන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article