- Advertisement -

ගැබිනි සමයේ තිස්පස්වන සතිය

-
අම්මාගෙයි චූටියාගෙය් බඩු මුට්ටු ලෑස්තිද ?

ඔන්න, දැන් චූටියා එන්න දින ළං වෙනවා. අම්මා මේ වෙද්දි චූටි චූටි ඇඳුම් පොඩි ලෑස්ති කරගෙන ඉවරත් ඇති. අම්මා දන්නවා නේද? ඒ පුංචි ඇඳුම් පොඩි හොඳින් සෝදලා, මැදලා චූටියාගේ බෑග් එකට පැක් කරගන්න ඕනේ බව. චූටියාගේ අත්තම්ලා, පුංචි අම්මලා මේ දේවල් කරගන්න අම්මට ගොඩක් උදව් වේවි.

ගැබිනි සමයේ තිස්පස්වන සතිය 

ඔබේ බිළිඳා දැන් සෙන්ටිමීටර් 46.2ක් විතර උසයි. බර කිලෝ 2 ග්‍රෑම් 383 විතර වෙනවා. මවගේ කුසට බිළිඳා එල්ලකරන පහරවල් හොඳින් දැනෙනවා. බිළිඳාගේ වකුගඩු සම්පූර්ණයෙම් හැදිලා. ඒ වගේම  අක්මාවට මේ වෙද්දි අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාව තිඛෙනවා. බිළිඳාගේ බොහොමයක්ම අවයව මේ වන විට සැකසී අවසන්.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ගර්භණී සමයේ සති 35 එළඹෙනවාත් සමගම එක් අවධියක අවසානයක් ලෙස බොහෝ විට සටහන් කරන්න පුළුවන්. තවත් සති 5 ක් පමණයි ඔබට නියමිත දිනට ළඟා වීමට ඇත්තේ. නමුත් හොඳින් මතක තබාගත යුතු කරුණක් නම් තමන්ගේ නියමිත දිනට මෙලොව එළිය දකින දරුවන් සිටිනුයේ 5% ක් පමණක් බවයි. ඇතැම්විට බලාපොරොත්තු වූවාටත් වඩා කලින් සිදු විය හැකිය.  ඇතැම්විට වඩාත් ප්‍රමාද විය හැකිය. ඒ නිසාම ඔබ ගර්භණී අවස්ථාවේ ඉන්නා විට ඕනෑම වේලාවක දරු ප්‍රසූතිය සඳහා සූදානම් වී සිටීම අවශ්‍ය වේ.

ඔබ දැන් රෝහලට ගෙන යන ඇඳුම් බෑගය සූදානම් කර ඕනෑම අවස්ථාවක රෝහලට යන්න සූදානම්ද? ඔබේ බිළිඳාගේ සියලූම මූලික අවශ්‍යතා සකස් කර ගෙන අවසන්ද? තවමත් සූදානම් කරගෙන නැතිනම් එය කිරීමට ඇති අවසාන කාලය මෙයයි.

කැදැල්ලට ඔබගේ පැටියා ගෙන එන්නට සියල්ල සූදානම් වී තිබිය යුතුයි

කිරි කැටියාගේ පැමිණීමට සෑම අතින්ම සූදානම් වීමේදී, තම කිරි කැටියාට මව්කිරි ලබාදීම පිළිබඳව ද සිතන්නට මේ හොඳම කාලයයි. වර්තමානය වන විට පිටිකිරි ලබාදීම ඉතාමත් බහුලව දක්නට ඇතත් වෛද්‍ය නිර්දේශය වන්නේ ඔබේ අලූත උපන් ළඳරුවාට මාස 6 ක් ගත වන තුරු මව්කිරි පමණක්ම ලබාදීම වඩා සුදුසු වන බවයි. එය ඔබේ කිරි කැටියාට ලබාදිය හැකි හොඳම ආහාරයයි. සියලූම පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සමන්විත දරුවා රෝගවලින් ආරක‍ෂා කළ හැකි අනර්ඝම ආහාරය මව්කිරිය. එමෙන්ම, මව්කිරි දීම මගින් මවටද දරුවාටද වාසි රැසක් සැලසේ.

35 වන සතිය වන විට මවගේ බර රාත්තල් 28 ක් 29 ක් පමණ වේ. ක්‍රමයෙන් ශරීරයේ බර වැඩි වීමත් සමග ශාරීරිකව දැනෙන අපහසුතාද වැඩි වේ.

අම්මෙක් වෙන්න යන ඔබ ” රෝහලට යද්දී ගෙන යා යුතු දේ ”

කිරි කැටියාට මෙන්ම ඔබට අවශ්‍ය දේ ද කල්වේලා ඇතිව සූදානම් කරගත යුතුය. මෙසේ අවශ්‍ය බඩු බාහිරාදිය සූදානම් කර ගැනීමේදී තමන්ගේ ආර්ථීකයට සරිලන පරිදි අවශ්‍යතාව පරිදි ඒවා සකස් කරගැනීමට මතක තබාගත යුතුය.

මවට අවශ්‍ය දේවල් :
  • ඛෙඩ් ජැකට්          –              04
  • චීත්ත                  –              04
  • දත් බුරුසුවක්, දත් ඛෙහෙත්, සබන් කැටයක්
  • පිඟානක්, කෝප්පයක්, හැන්දක්
  • ඉනට රෙදි පටි කිහිපයක් (සනීපාරක‍ෂක තුවා ඉනෙහි රඳවා ගැනීමට)
  • මධ්‍යම ප්‍රමාණයේ ෂොපින් බෑග් 2 (කිලිටි රෙදි සඳහා)
  • රබර් සෙරෙප්පු ජෝඩුවක්
  • කොණ්ඩය බැඳීමට පටියක්
  • කුඩා උණු වතුර බෝතලයක්
  • වතුර බෝතලයක්
  • සීනි/තේ කොළ/කිරිපිටි දැමු කුඩා බඳුන්
  • මවගේ උප්පැන්න සහතිකය
  • මවගේ ජාතික හැඳුනුම්පත
දරුවාට අවශ්‍ය දේවල් :
  • බේබි ෂීට්                                –              08
  • නැප්කින්                                –              12
  • දරුවා එතීමට රෙදි                     –              03
  • 36 X 36 ප්‍රමාණයේ කපු රෙදි      –              03
  • රබර් ෂීට්                                –              01
  • ළදරු තුවා                              –              01
  • ළදරු පනාවක්
  • ළදරු තොප්පි                           –              01
  • ළදරු මේස් ජෝඩු                       –              01

පෙර සඳහන් කළ මෙම බඩු ලැයිස්තුව අනුව සූතිකාගාරය තුළට ගෙන යා යුතු දේවල් වෙනම බෑගයකට දමා එහි මවගේ නම ලියා වෙනමම සූදානම් කරගත යුතුය.

සූතිකාගාරය තුළට ගෙන යා යුතු ද්‍රව්‍ය :
  • ඛෙඩ් ජැකට්          –             02
  • චීත්ත                  –             02
  • දරුවාට ඇඳුම්         –             02
  • නැප්කින්             –             02
  • ඉනට පටි             –             02
  • උණුසුම ආරක‍ෂා වන පරිදි දරුවා ඔතා තැබීමට රෙද්දක්
  • ළදරු තොප්පිය
  • ළදරු මේස්
  • ෂොපින් බෑග්         –             02
  • සනීපාරක‍ෂක තුවා ජැකට් –       01
අවශ්‍ය ද්‍රව්‍ය පිළියෙල කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු :

මව විසින් පිළියෙල කරගත් හෝ සාප්පුවෙන් මිලදී ගත් ඇඳුම් රෝහලට ගෙන යාමට පෙර හොඳින් සෝදා තද අව්වේ වේලා හොඳින් මැද ගැනීම කළ යුතුය. එමෙන්ම සුුදුසු පරිදි ඇදුම් වර්ග කර වෙන වෙනම අසුරා ගැනීම සුදුසු වේ

උදාහරණ ලෙස : රෝහලට ගෙන යන ඇදුම්, සූතිකාගාරයට ගෙන යන ඇදූම් ආදී ලෙස වේ.

ඒ මගින් ඔබ නැතත් ඕනෑම කෙනෙකුට අවශ්‍ය දේ ඔබ වෙත ගෙනවිත් දීමට හැකිවනු ඇත. සෑම කාන්තාවක්ම තම නිවස වෙන කවරදාටත් වඩා පිරිසිදු කර මනාව සංවිධානාත්මකව සකස් කිරීම සිදු කරනවා. මුළු නිවසම නැවත සකස් කිරීමක් සිදු වෙනවා කිව්වොත් නිවැරදියි. හරියට අලූත් ව්‍යාපෘතියක් දියත් කරනවා වගේ.

සති 35 දී, ඔබ ඉන්නේ ඔබේ බිළිඳා ලැඛෙන්න නියමිත දිනට හරියටම මාසයකට ඈතින්. ඔබේ සහකරු දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා ඔබේ දරු ප්‍රසූතිය සිදුවන රෝහල පිළිබඳව. එමෙන්ම ඔබට ලබා දී ඇති දිනයේදී දරුවා ලැබීමට පැය 24 කට පෙර රෝහලට පිටත්ව යාමට මතක තබාගත යුතු වෙනවා.

රෝහලට යාම පිළිබඳ පෙර සූදානමක් ලෙස ඔබ දෙපලට රෝහලට යාමට හොඳම කාලය මෙයයි. ඒ තුළින් ප්‍රසූතිකාගාරය ඇත්තේ කොහිද? වාට්ටු ඇත්තේ කොහිද? පළමුව යා යුත්තේ කොතැනටද යන ආදී දේ පිළිබඳ පෙර සූදානම් වීමක් ඇති කර ගැනීමය හැකියාවක් ලැඛෙනවා.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article