ඔබේ දරුවාට ගිලීමේ අපහසුවක් ඇති බව ඔබ නිරීක්ෂණය කළාද?

දරුවන්ගේ ආහාර ගැනීමේ රටාවන් දරුවාගෙන් දරුවාට වෙනස් වන බව ඔබ දන්නා කරුණක්. ඒත් ආහාර ගැනීම ඔබේ දරුවාට අපහසුවක් ගෙන දෙන තත්ත්වයක් නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වඩා වැදගත් වනු ඇත. මන්ද ඇතැම් දරුවෙක් එවැනි තත්ත්වයන් මත අහාර ප්‍රතික්ෂේප කිරීමට පවා ඉඩ ඇති බැවිනි. මේ ලිපිය හරහා අප සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන්නේ දරුවන්ට ඇතිවිය හැකි ගිලීමේ අපහසුතා සහ ඒවාට කළ යුතු වන්නේ කුමක්ද යන පිළිබඳවයි.

ගිලීමේ අපහසුතාවය (dysphagia difficult in swallowing) ලෙස හඳුන්වන්නේ ඝන හෝ දියර ආහාරයක් මුඛයේ සිට අන්තශ්‍රෝතය හරහා අමාශයට ගමන් කර යැවීමේ නොහැකියාවයි. මෙය රෝග තත්ත්වයක් නොවන අතර රෝග ලක්‍ෂණයක් ලෙස හ්න්දින්විය හැකියි. මේ තත්ත්වය ආකාර 02 ක් යටතේ සාකච්ජා කල හැකියි.

  • මුඛයේ ඇති වන ගිලීමේ අපහසුව (Oral dysphagia)

ආහාර ගැනීම සඳහා මුඛය, තොල් හා දිව භාවිතයට අති අපහසුතාවය

  • ග්‍රසනිකාවේ ඇති වන ගිලීමේ අපහසුව (Pharyngeal dysphagia) ගිලීමේදී උගුරේ ඇති වන ගැටලුවකි.

ඉහත තත්ත්වයන් ඇති වීමට හේතූ 2 ක් බලපායි.

  • මුඛය, උගුර හෝ අන්තශ්‍රෝතයේ ව්‍යුහමය ගැටලු
  • කිරි උරාබීමට, ගිලීමට භාවිත වන පේශීයක හෝ ස්නායුවක දුර්වලතාවයක් හෝ ඊට අනතුරක් වීම

ගිලීමේ අපහසුව ඇති කරන තත්ත්ව

  • විදිලිත තොල හා තල්ල (cleft palate & cleft)

තොල දෙකට බෙදීම හා උඩු තල්ලෙහි දිගු අතට ආලියක් (Canal)  ඇති වීම. ජාන බලපෑම නිසා ආරයට ඇති විය හැකි තත්ත්වයකි.

  • දත්වල පවතින ගැටලු

මෙහිදී ආහාර දත්වල හොඳින් නොගැටීම හේතු වේ.

  • විශාල වූ දිව
  • ස්නායු හා පේශී සමග බැදුණු රෝග තත්ත්ව

අර්බුද (tumor), ස්නායු අනතුරු, මොළයට සිදුවන අනතුරු, පේශී ක්‍ෂය වීම එනම් මෙහිදී ආඝාතය (Paralysis) තත්ත්වයක් හෝ දිව, උගුර හා අන්තශෝත්‍රයේ පේශීවල ක්‍රියාකාරීත්වය දුර්වල වීම, මස්තිෂ්ක වාහිනී අනතුරු (Cerebral Vascular Accidental Stroke)

  • විශාල වූ සෙම් ගෙඩි (Tonsillitis)
  • උගුරෙහි ඇති වන අර්බුද (ගෙඩි)
  • මවගේ ගර්භාෂය තුළදී වර්ධනය සිදුවන විට ඇති වන හිස් කබලේ අස්ථි හා උගුර හෝ මුඛයේ ව්‍යුහයේ ඇති වන ගැටලු. (Cranial facial anomalies)
  • කලල අවදියේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන අසාමාන්‍යතා

Tracheo Oesophageal Fistala – TOF)

ස්වසන මාර්ගය සහ අන්තශෝත්‍රය අතර අසාමානව සම්බන්ධතාවයක් ඇති වීම

Oesphageal Atreshia

අන්තශෝත්‍රයේ ඉහළ කොටසට අන්තශෝත්‍රයේ පහළ කොටස හා ආමාශය සමඟ සම්බන්ධ නොවීමයි. අන්තශෝත්‍රය අතර මඟ සිහින් වීම.

  • දිගු කලක් කෘතිම ස්වසන යන්ත්‍රයකට (Ventilation) සවිකර ඇති විට මුඛයේ සංවේදී බව නැති වීම
  • දිගු කලක් කෘතීම ස්වසන යන්ත්‍රයකට සවිකර තැබීමෙන් ස්වර තන්ත්‍රවල ඇති වන උද්දීපතාවය
  • නොමේරූ (Premature) හෝ ආසාධ්‍ය දරුවන් (Critically ill babies)
  • ස්වර තන්ත්‍ර අඝාතයට පත්වීම
  • ස්වාසනාල ද්වාරණය (Tracheostomy) කර තිබීම
  • ආමාශයේ ඇති ද්‍රව්‍ය උගුරට පැමිණීම නිසා උගුරේ ඇති වන උද්දීප්‍යතාවය හෝ එහිදී තුවාල වීම නිසා (ආම්ලිකතාවය නිසා) ඇති වන කැලල් මගින් (GERN-Gasto Espohgeal Reflun Deisease)
  • ශරීර කොටසක් මගින් අන්තශෝත්‍රයට පීඩනයක් යෙදීම

උදා: හෘදය විශාල වීම, පෙනහලු විශාල වීම, තයිරොයිඞ් ග්‍රන්ථිය විශාල වීම, රුධිර වාහිනී, වසාගැටිති ඉදිමීම

  • ගිලුනු නාසයක් වැනි ආගන්තුක දේහයක් මගින්
  • සංවර්ධන අවස්ථා ප්‍රමාද වූ දරුවන්

උදා: නොමේරූ දරුවන්

ප්‍රතිකාර/පිළියම්

මෙම තත්ත්වය සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ දරුවාට උත්ස්වසනය (පිට උගුරේ යාම) සිදුවිය හැකි නිසාය. මෙහිදී ආහාර හෝ දියර පෙනහලු තුළට යාමෙන් නියුමෝනියාව වැනි දරුණු පෙනහලු ආබාධ ඇති විය හැක. මෙහිදී ලබාදෙන ප්‍රතිකාර තීරණය වන්නේ දරුවාට ඇති ගැටලුවෙහි තීව්‍රතාවය මතය. සමහර තත්ත්ව ශල්‍යකර්ම මගින් නිවැරදි කළ හැක.

උදා: විදිලිත තල්ල, Tracheo Oesphageal Fistula, Oesphageal Atreshia

ගිලීමේ අපහසුතාවය මඟහැරවීමට නම්

  • සෙමින් ආහාර ගැනීමට දරුවාට උපදෙස් දීම
  • විශාල ආහාර වේල් වෙනුවට නිතර කුඩා ආහාර වේල් ලබාදීම
  • මධ්‍යස්ථ සිට තීව්‍ර තත්ත්වයක ගිලීමේ අපහසුවක් ඇති නම් දියර ආහාර හෝ මෘදු ආහාර ලබාදෙන්න
  • ඇලෙන සුලු ආහාර උදා: ජෑම්, බටර් වැනි ආහාර ලබා නොදෙන්න.
  • ගිලීමේ පහසුවට ආහාර කුඩා කැබලිවලට කඩා ලබාදෙන්න.
  • බත් වැනි ධාන්‍ය වර්ග හොඳින් අඹරා මව්කිරි සමග මිශ්‍ර කර බෝතලයක් හරහා ලබාදීම
  • කිරි බෝතල්වල සුප්පුවේ සිදුරේ විශාලත්වය නොසාදන්න. මෙවිට කිරි පිට උගුරේ යාම ඇති විය හැක.
  • දරුවාට ලබාදිය යුතු ආහාර වුවද මාස 4 ක් පමණ යනතුරු ලබා නොදීම. ඔවුන්ගේ නිසි වයස එනතුරු ගිලීමට නොහැකි වීම මීට හේතුවයි.
  • කථන චිකිත්සක (Speech therapist) හෝ වෘත්තීය චිකිත්සක (Occupational therapist) මගින් ක්‍රියාකාරකම් හා ව්‍යායාම් කරවීම, එමඟින්

■     තොල්, දිව, කම්මුල් හා හනුවේ පේශීවල සම්බන්ධීකරණය ශක්තිමත්භාවය, චලන පරාසය වර්ධනය වීම

■     ආහාර හා තරලවලට ඇති සංවේදී බව අඩු කිරීම

  • දරුවාට භාවිත කරන සූප්පු, බෝතල් හෝ වෙනත් උපකරණ වෙනස් කිරීම
  • බීමට ගන්නා දියරවල උකු ගතිය අඩු කිරීම
  • GERN ලක්‍ෂණ දරුවාට ඇත්නම්

■     රාත්‍රී ආහාරය නින්දට අවම පැය 3 පෙර ගැනීම හා කෑමෙන් පසු පැය ½ පමණ වාඩි කර තිබීම

■     ප්‍රති ආම්ලික ඖෂධ මගින් ආමාශයේ අම්ලය නිෂ්පාදනය අඩු කරයි.

■     ඖෂධ මගින් ආහාර ජීර්ණ පද්ධති තුළින් වේගයෙන් පහළට යාමට උදව් වේ

 ගිලීමේ අපහසුතා ඇති දරුවෙකු පෙන්නුම් කරන ලක්ෂණ

  • සෙමින් ආහාර ගැනීම
  • මුඛයේ ඇති ආහාර වාර කිහිපයකදී ගිලීම
  • ඉරීම හා ගිලීම සම්බන්ධීකරණයට නොහැකි වීම
  • කිරි බීමේ හෝ ආහාර ගැනීමේදී වරින් වර එන ඔක්කාරය (උගුරට ඇඟිල්ලෙන අනින විට ඇති වන ඔක්කාර – gagging)
  • ආහාර ගැනීමෙන් හෝ පානයකින් පසුව පපුවේ සිරවෙන ස්වභාවය
  • පිට පැත්තට (හිස සිට දෙසට) නැවීම හා ඇඟ තද කිරීම
  • ආහාර ගන්නා විට කැස්ස ඇති වීම හෝ සිරවීම
  • නිතර ස්වසන ආසාධන
  • නිතර වමනය හෝ කෙල ගැසීම
  • මුඛයේ ආහාර හෝ තරලය කට දෙපැත්තෙන් පෙරීම
  • ආහාර, දියර ගන්නා විය නාසයෙන් පැමිණීම
  • ආහාර ගන්නා විට එක ආකාරයකට සිටීමට නොහැකි වීම, නොසන්සුන් වීම
  • බර අඩුවීම
කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මියගේ ලිපියකි.
SHARE
අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY