- Advertisement -

ගැබිණි මව සතුටින් හිටියොත් ලැබෙන සුබ ප්‍රතිපල ගැන ඔබ දන්නවද?

-

සාමාන්‍ය ජන සමාජයේ වුනත් දරුවෙක් ලැබෙන්න සිටින කාන්තාවක් දිහා බලන්නේ ගරුත්වයකින් වගේම බොහොම හැගීම්බරවයි. අනේ ඉතින් බඩදරු අම්මෙක්නේ…යන සිතුවිල්ල හැම දෙනෙකුගේම හිතේ ඇති වෙනවා. මේ තත්වය අපේ සාමාන්‍ය ජනසමාජයේ ඉතාම සරල වගේම නොදැනීම හදවතට සම්බන්ධව තිබෙන සංකල්පයක් වුනත් විද්‍යාත්මකවත් මෙහි සමීප සම්බන්ධතාවයක් තිබෙනවා.

දරුවෙක් ලැබෙන්න සිටින මවක් බොහොම සතුටින් සිටිය යුතුයි යන සංසිසද්ධිය අලලා ලෝකයේ විවිධ ආයතන මගින් පර්යේෂණ සිදු වී තිබෙනවා. අම්මා කියන්නේ විශ්ව සාධාරණීය සංකල්පයක්. ඒ තත්වය රටක්, ජාතියක් හෝ වර්ගයක් වෙනුවෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අම්මෙක් වෙන්න සිටින විට ඇය සතුටින් සිටිය යුත්තේ ඇයි වගේම අසතුටින් සිටීමෙන් සිදු වෙන විපාකත් දැන්  හඳුනාගෙන තිබෙනවා.

- Advertisement -

ඒ අනුව ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් ගැබිණි මවකගේ සතුට සහ කලලය අත් පවතින අන්තර් සම්බන්ධතාවය මුල් කර ගෙන අධ්‍යනයක් සිදු කරනු ලැබුවා.එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ගැබිනි මවක් නොසතුටෙන් සිටින විට ඇඩ්රලින් ඝ්‍රාවය නිදහස් වෙන අතර එය මවගේ රුධිර සංසරනයට වගේම කලලයටත් බලපෑම් ඇති කරන බවයි. ඒ නිසාම ගැබිනි මවක් නම් ඇය සතුටින් සිටීම ඉතාම වැදගත් බැව් මේ අධ්‍යනය මගින් ලෝකයටම පෙන්වා දී තිබෙනවා. මෙම අධ්‍යනයේ ප්‍රධාණී මහාචාර්ය ‘‘ විවට් ග්ලෝබර් “ විසින් අවධාරනයෙන්ම පෙන්වා දෙන්නේ ගර්භණීත්වය සමග සතුට අත්වැල් බැද ගත් සහ සමාන්තරව පවත්වා ගත යුතු පැවැත්මක් බවයි.

ඒ වගේම සියැටල් වෛද්‍ය මධ්‍යස්ථානය මගිනුත් මේ සිද්ධියම අලලා අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. එම අධ්‍යනය මගින් පෙන්වා දී තිබෙන්නේත් ගර්භණී අවදියේදී මුල් කාලයේ මවගේ හිතේ ඇති වන සතුට වගේම නොසතුට ඇගේ ගැබ් දරණ කාලයේදී ඇති වෙන විවිධ රෝග සහ අපහසුතාවයන්ට බලපාන බවයි. ගැබ්බර අවධියේදී මව අධිරුධිර පීඩන තත්වයට ගොදුරු වුනොත් එයින් ඇති වෙන විපාක දරු කලලයට දරුණු විදිහට බලපෑම් ඇති කිරීමට පුලුවනි. විශේෂයෙන් ගර්භ වලිප්පුව වැනි තත්වයන් ඇති වී දරු කළලයට හානි සිදු වීමට පුලුවනි.  ඒ නිසා කාන්තාවක් ගැබ් දැරූ මුල් කාලයේ පටන්ම ඉතා සතුටින් සිටීම අවශ්‍ය බැව් මෙම අධ්‍යනයේ ප්‍රධාණී ‘‘ මිෂෙල් විලියම්ස් “ විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ අතර පිට්ස්බර්ග් මැගී කාන්තා මධ්‍යස්ථානය මගිනුත් මේ ගැන ඔවුන් විසින් සිදු කරන ලද අධ්‍යන වාර්තාවන් දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සතුට වගේම හැසිරීම් රටාවන්ද දරු කලලයේ ආරක්ෂාවට ඉතා වැදගත් ලෙසින් බලපාන බැව් මෙම අධ්‍යනය මගින් පෙන්වා දී තිබෙනවා. ගර්භ වලිප්පුව වැනි තත්වයන්ට කාන්තාවගේ තරබාරුබවත් බලපාන බැව් අධ්‍යනය තව දුරටත් ඉදිරියට ගෙන යමින් ඔවුන් ස‍්හන් කරනවා. සිරුරේ ඇති මේද මගින් හැදෙන රසායනයන් නිසා ගර්භ වලිප්පුව ඇති වී කලලයට හානි සිදුවීමටත් ඉඩ තිබෙන බැව් මෙහිදී පෙන්වා දී තිබෙනවා. ඒ නිසා ගැබ් ගත් කාන්තාවක් වුනත් ඇවිදීම වැනි සරල හැසිරීම් රටාවකින් හෝ සිරුරට අවශ්‍ය ව්‍යායාම කිරීමෙන් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්.

මේ විදිහට අද සාර්ථක අධ්‍යනයන් මගින් ගැබිණි මවක් සතුටින් නොසිටියහොත් ඇති වෙන බලපෑම් ගැන කරුණු අනාවරනය කර ගෙන ිතබෙනවා. ඒ වගේම අතීතයේදී අපේ සමාජයේ ගැබිණි කාන්තාව සතුටින් තැබීමට වැඩිහිටියන් නිතරම උත්සාහ ගත්තා. ඔවුන්ට අසුබ නිමිත්තක්වත් පෙනෙන්න ඉඩ සැලසුවේ නැහැ. ඇය බාහිරවත් ඉතා පිරිසිදු තැබූ අතරම සිතේ සතුට වෙනුවෙන් ඇයට කිසිම රිදවීමක් නොවන විදිහට පවුලේ උදවිය කටයුතු කලා. අනේ ඉතින් පරාණ දෙකක්නේ…ගැබිණි මව දිහා ඔවුන් බැලුවේ සහ සැලකුවේ ඒ විදිහටයි.

ඒ සැලකිල්ල ගෝලීයකරණය වුන යුගයටත් වලංගුයි.ඒ නිසා ජීවවිදයාත්මකව ඕක ඉතින් අමුතු දෙයක්යැ…නොකියා නොසිතා ගැබිණි මවකට හිතේ සතුට ඇති වෙන පරිසරයක් ගොඩ නගා දුන්නොත් මව වගේම දරුවාගේත් ආරක්ෂාව අතුරු අන්තරාවක් නැතුවම සලසා ගන්න පුලුවනි.

පර්යේෂණ පත්‍රිකා කීපයක් ඇසුරිනි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article