- Advertisement -

අපිට වඩා අපේ දරුවෝ මේවා ගැන දන්නවා…

-

තාක්ෂණ මෙවලම් ඉදිරියේදී දරුවන් තමන්ට වඩා බොහොම ඉදිරියෙන් සිටින  බව වැඩිහිටියන් නිතරම කියන කතන්දරයක්. අපිට දුරකථනයකින් හැකියාව තියෙන්නේ එන ඇමතුමකට පිලිතුරු දීම සහ ඇමතුමක් ගැනීම පමණක් වුනත් කටේ කිරි සුවඳ නොගිය දරුවන් මෙම විද්‍යුත් උපාංග හසුරුවන ආකාරය ගැන දෙමව්පියන් නිතරම කතා කරන්නේ තමන්ට නොහැකි දෙයට ඔවුන් මේ විදිහට හැකියාවක් දක්වන්නේ කොහොමද යන්න ගැනයි. මෙය අපේ ජනසමාජයට පමණක් නොව සමස්ත ලෝකයටම පොදු විමතියක් බවට පත්ව තිබෙනවා.

කැලි‍ෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් දරුවන් විසින් මෙම මෙවලම් හැසිරවීමේදී වැඩිහිටියන්ට වඩා ඉදිරියෙන් සිටීම මුල් කර ගෙන අධ්‍යනයක් පවත්වනු ලැබුවා. ඒ වෙනුවෙන් වයස අවුරුදු 4 සහ 5 අතර දරුවන් 106 දෙනෙක් සම්බන්ධ කර ගත්තා. පාසල් 170 කින් විවිධත්වයක් ඇති වෙන විදිහටත් මේ දරුවන් තෝරා ගැනීමට පර්යේෂකයන් අමතක කළේ නැහැ. ( ඩේලි මේල් වෙබ් අඩවිය)

- Advertisement -

දරුවන්ගේ තාක්ෂන හැකියාව මොන තරම් ඉහලින් තිබුනාද කිව්වොත් ඔවුන් කිසිම දවසක දැක නුදුටු උපාංග පවා ඉතාම දක්ෂ විදිහට හසුරුවනු ලැබුවා. ඔවුන්ට මේ සඳහා ලබා දුන්නේ මැටි ආධාරයෙන් සකස් කරන ලද උපාංගයන් කිහිපයක් පමණයි.

මෙහිදී පර්යේෂකයන්ට පෙනී ගියේ දරුවන්ට තමා ඉදිරියේ තිබෙන සුලු දෙයකින් පවා විහාල දැණුමක් ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි. ඒ වගේම ඔවුන් නිතරම කුතුහලයෙන් පසුවෙන පිරිසක් නිසා තමා ඉදිරියේ තිබෙන නෙතට නුහුරු වස්තුවක් දුටු සැනින්ම ඒ සමග සම්බන්ධතාවයක් ‍ගොඩ නගා ගන්නවා. ඒ විතරක් නොවෙයි, මේ ගැන ඔවුන්ගේ මනසේ කිසිම පෙර අත්දැකිම් නැති නිසා වැඩිහිටියන් වගේ මනසේ ගොඩ නගා ගත් සංකල්ප කිසිවක් නැහැ.නිරවුල් මනසකින් මේ ගැන යොමු වෙන නිසා ඒවා හසුරුවන ආකාරය දරුවන් ඉතාම ඉක්මනින් ග්‍රහනය කර ගන්නා බව මෙම අධ්‍යනයේ  උපප්‍රධාණී ක්‍රිස්ටෝපර් ලූකස් සඳහන් කරනවා. ඇත්තටම වැඩිහිටියන් මේ ගැන එතරම් පශ්චත්තාප වීමට හේතුවක් නැති බව ක්‍රිස්ටෝපර්ගේ අදහසයි.

දැන් දෙමව්පියන් විදිහටත් ඔබේ හිතටත් මෙහෙම හිතෙනවා නේද…අනේ ඇත්තම තමයි…අපේ පුතාට වුනත් ටැබ් , ජංගම දුරකථන, ලැප්ටොප් වැනි උපාංග හසුරුවන්නේ පුදුම හැකියාවකින්.

පරම්පරාවන් අතර ගැටීමටත් ඉඩ තිබෙනවා

තවත් අවස්ථාවන්හිදී ඔබ හිතනවාට වඩා දරුවන් ඉදිරියෙන් සිටිනවා විටෙක මේ ඉදිරියෙන් සිටීම දෙමව්පියන් සහ දරුවන් අතර  ගැටුමකට පවා මුල පුරන්න පුලුවන්. එක්තරා නිවසක මෝටර් රථයේ දොර ඉබේම අගුලු වැටී තිබුනා. තාත්තා රථයේ පසුපස දොරෙන් වැඩ කටයුතු කරමින් සිටියා.ගරාජයකට යෑමට කාලයක් නොමැති නිසා මේ විදිහටම තමාගේ දවසේ කටයුතු සිද්ධ වුණා. එක වසරේ පමණ සිටි පුතු දිනක් මේ අගුලු වැටුන දොර විවෘත කළා. තාත්තාටත් සිද්ධ වෙලා තිබුන වැරැද්ද තේරුම් ගියත් ඔහු  ඒ ගැන පුතා ඉදිරියේ කියන්න කැමැති වුනේ නැහැ. තමාට මේ විදිහට අගුල ඇර ගන්න තිබුනා නේද කියල තාත්තාටත් හිතුනේ ඊට පසුවයි.

තහංචි එපා..

සමහර අවස්ථාවන්හිදී නිවසේ අලුත් උපාංග ඉදිරියේ ඉදිරියටම එන්නේ දරුවන්. මේ සිද්ධිය ඇතැම් විට දෙමව්පියන්ට කරදරයක්. ඇතැම් මව්පියන් මේ හැසිරීම ඉවසා දරා ගෙන හිටියත් තවත් දෙමව්පියන් මේ ගැන නොරිස්සුම් සහිතයි. දරුවන්ට අලුත් දෙය වෙත ප්‍රවේශයටවත් අවසර නැතුව තහංචි පනවනවා.

අනේ ඕක විනාශ කරන්න එපා…මේ විදිහට නිශේධනයන් ලබා දුන්නොත් දරුවන්ගේ තාක්ෂණ හැකියාවන් උපන් ගෙයිම වැලලෙනවා. තාක්ෂණ ලෝකයේ නම් දරන ලද බොහෝ දෙනකුට හැකියාව පිලිබඳ සිහින ඇති වුනේ ඔවුන්ගේ බාල කාලයේදීමයි. පෝඩ් නිර්මාතෘ ඔරලෝසුවක් ගලවමින් එය නැවත සවි කිරීමට උත්සාහ කරන විට ඔහුට වයස අවුරුදු දහයයි. එදා ඔහුට ඒ අවසරය නොලැබුනා නම් අද පෝඩ් නිර්මාතෘ පිලිබඳව නමක් ගොඩ නැගෙන්නේ නැහැ.

අනතුරු ගැන අවධානයෙන් ඉන්න

දරුවන් ඉතාම හසුරු විදිහට නව උපාංග හැසිරුවත් ඔවුන්ට අවදානමක් ඇතිවීමට තිබෙන අවදානම ගැනත් දෙමව්පියන් සැලකිලිමත්වීම ඉතාම වැදගත්. විදුලිසැර වැදීම වැනි අනතුරු ගැනත් අපිට නිතරම වාර්තාවන් ලැබෙන්නේ මේ අත්හදාබැලීම් නිසයි. ඒ නිසා දරුවන්ට කල් තබාම ඒ ගැන දන්වා සිටින්න. මේ අවදානම තිබෙන නිසා ඒ ගැන සීමාවන් අවශ්‍ය බව ඔවුන්ට අවධාරනයෙන්ම කියා දෙන්න.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article