- Advertisement -

දෙමාපියන් වන ඔබේ කුසලතා දියුණු කර ගනිමු

-

උපතේ සිට දරුවකුගේ වර්ධනය කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කරන්නේ දෙමව්පියන් හා පවුලේ පරිසරයයි.යම් දිනක වැඩිහිටියකු වී ස්වාධින ජීවිතයකට හුරු වීමට හා සාර්ථක ජිවිතයක් ගෙවීමට අඩිතාලම වැටෙනුයේ දෙමව්පියන්ගෙනි. විශේෂයෙන් දරුවාගේ ජිවිතයේ මුල් අවධිය තුල දෙමව්පියන් දරුවා රැක බලා  ගන්නා  ආකාරය මෙහිදී විශේෂයෙන් වැදගත් වේ. මන්ද එය පසු කලෙක දරුවා ගේ ජිවන කුසලතා වර්ධනය කෙරෙහි බලපාන බැවිනි. අනවශ්‍ය ලෙස දරුවාට සැලකීමෙන් ඔහුට හෝ ඇයට  ස්වාධීනව ජිවත් වීමේ කුසලතා දියුණු කර ගැනීමට අවස්ථාව නොලැබේ. අනෙක් අතට දරුවාගේ  මානසික අවශ්‍යතා නොසලකා හැරීමෙන් පසු කලෙක අන් අය කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීමේ හැකියාව නොලැබීමද ඒ හේතුවෙන් යහපත් සබදතා ඇති කර ගැනීමේ හැකියාව දුර්වලවිමද සිදු වේ.

ජිවිතයේ මුල් අවුරුදු දෙක තුල දරුවා ඇති කර ගන්නා සම්බන්ධතා පසු කාලින ජිවිතයට බොහෝ සෙයින් වැදගත් වේ.මේ කාලය තුල දරුවාට නිවැරදිව තම අවශ්‍යතා ප්‍රකාශ කිරීම අපහසු බැවින් ඇඩ්ම හෝ හැසිරීම් මගින් අවශ්‍යතා ඉගි කරයි. දෙමව්පියන් හෝ වෙනත් වැඩිහිටියන් මෙය මේවා නිවැරදිව හදුනා ගෙන එම අවශ්‍යතා ඉටු කිරීම තුලින් දරුවා අන් අය ගැන විශ්වාසය ඇති කර ගනී . මෙම කාලය තුල මව හෝ වෙනත් විශ්වසදයී වැඩිහිටියකුගේ සමීප  බව දරුවාට අත්‍යවශ්‍යය.  ඒ තුලින් වැඩිහිටි ජීවිතයේදී ගුණාත්මක සබදතා ඇති කර ගැනීමේ හැකියාවට අඩිතාලම වැටේ .එම කාලය තුල මවගෙන් දුරස් වීම හෝ වරින් වර දරුවාට ඉතා සමීප පුද්ගලයා වෙනස් වීම පසු කලෙක අවේග පාලනය කිරීමේ හා යහපත් අන්තර් සබදතා ඇතිකර ගැනීමේ ගැටළු වලට හේතු විය හැකියි.

- Advertisement -

දරුවකුගේ මොලයේ වර්ධනය ඉතාමත්ම ශීග්‍රයෙන් සිදු වන්නේ ජිවිතයේ පළමු අවුරුදු හතර තුලය. එබැවින් මේ කාලය තුල දරුවාට බාහිර පරිසරයෙන් ලැබෙන උත්තේජන ඉතාමත් වැදගත් වේ. මේ අවධිය තුල දරුවා වෙනුවෙන් දෙමව්පියන්ගේ කාලයෙන් වැඩි කොටසක් වෙන් කිරීම අත්‍යවශ්‍යය. දෙමව්පියන්ට ඒ සදහා කාලය ගත කිරීම අපහසු නම් දරුවා බලා  ගන්න පුද්ගලයා ඒ පිලිබදුව දැනුවත් කර හැකි පමණ දරුවා වයසට ගැලපෙන ක්‍රියාකාරකම් වලට යෙදවීම සුදුසුය.

දරුවන් වැඩෙන විට ඔවුන් ක්‍රමයෙන් විනයානු කූලව හැඩ  ගැස්වීම අවශ්‍ය වේ. මේ සදහා දෙමාපියෝ  විවිධ ක්‍රම අනුගමනය කරති.මුලික වශයෙන් එබදු ක්‍රම හතරක් විස්තර කර ඇත.

සමහර දෙමාපියෝ දරුවන් සම්බන්ධයෙන් ඉතා තද නීති අනුගමනය කරති. දරුවන් එම නීති ප්‍රශ්න කිරීමකින් තොරව පිලි පදී යයි බලාපොරොත්තු වෙති. දරුවන්ගේ අදහස් වලට කන් නොදේ.දරුවාට හොද නරක කියා දෙනු වෙනුවට දඩුවම් කිරීමට නිතර පෙළබේ.දරුවාට ආදරය දක්වන්නේ කලාතුරකිනි. නමුත් අනෙකුත් භෞතික අවශ්‍යතා ඉටු කර දේ . මෙබදු පරිසරයක හැදෙන දරුවෝ පසු කලෙක පවා නීති ඉතා නිවැරදිව පිළිපැදීමට පෙළබේ.නමුත් ඔවුන්ට ආත්ම ශක්තිය පිළිබද ගැටළු ඇති විය හැක. දරුණු ගතිගුණ ඇති විමට පුළුවන.  එසීම දැඩි දඩුවම් මග හැරීමට බොරු කීමට පෙලබෙති.

සමහර දෙමව්පියෝ දරුවාට හැකි පමණ ආදරය කල යුතු යයි විශ්වාශ කරති. නීති පනවන්නේ කලාතුරකිනි. නීති  පැනෙව්වත් බොහෝ විට එය ක්‍රියාත්මක නොවේ. දරුවාගේ හිත රිදෙ යයි බියෙන් දරුවා කරන ඕනෑම දෙයක් අනුමත කරති. දරුවා කරන ඕනෑම වැරැද්දකට දඩුවම් දෙති. මෙබදු පරිසරයක හැදෙන දරුවෝ බොහෝ විට පාසල හෝ පෙර පාසැල තුල හැසිරීමේ ගැටළු පෙන්නුම් කල හැක.ඊට හේතු වන්නේ නීති පද්ධතියකට අනුගත වීමට ඔවුන්ට හුරුව නැති බැවිනි.

දෙමව්පියන්ගෙන් සමහර කොටසක් දරුවන් ගැන අවශ්‍ය පමණ සොයා නොබලති.උදාහරණ ලෙස දරුවා ගේ පාසැල ගැන , ගෙදර වැඩ ගැන සොයා නොබලති. දරුවන් ආශ්‍රය කරන්නේ කවුදැයි නොදනිති. දරුවා සමග ප්‍රමාණවත් තරම් කාලය ගත නොකරති. දරුවා වෙනුවෙන් නීති පැනවීමට නොවෙහෙසෙති. දරුවන්ගේ කායික මෙන්ම මානසික අවශ්‍යතා කෙරෙහි සැලකිල්ලක් නොදක්වති .මෙබදු පරිසරවල හැදෙන දරුවන් බොහෝවිට අඩු ආත්ම ශක්තිය ,ඇත්තෝ වෙති.එමෙන්ම ඔවුන්ට අද්යාපනික ගැටළු ඇති වීමේ වැඩි අවධානමක්ද ඇත. බොහෝවිට හැසිරීමේ ගැටළු ඇති අතර වැඩිපුර අසතුටින් කල් ගෙවති.

ඇත්තෙන්ම දරුවකුට වඩාත්ම හිතකර  යයි සැලකෙන්නේ Authoritative parenting style ලෙස හැදින්වෙන දෙමාපිය කුසලතාවයයි. එවැනි දෙමව්පියෝ තම දරුවා සමග හොද සබදතාවක් පවත්වා ගැනීමට නිතරම සැලකිලිමත් වෙති. ආදරය පෙන්වනවා මෙන්ම නිත් පද්ධතියක් ක්‍රියාත්මක කෙරෙති. නීති පනවන්නේ ඇයිදැයි දරුවාට විස්තර කර දී. එමෙන්ම දරුවාගේ හැගීම් වලටද සංවේදීය. දරුවන්ට ඔවුන්ගේ අදහස් පල කිරීමට අවස්ථාව ලබා දේ.දරුවාට තම ක්‍රියාවන් තුලින් එහි විපාක හදුනා ගැනීමට අවස්ථාව ලබා දෙනවා මෙන්ම හොද ක්‍රියා අගය කිරීමෙන් ඔවුන්ට නිසි මග පෙන්වීමටද නිරතුරුව වෙහෙසෙති. මෙබදු පවුල් පරිසරයක හැදෙන දරුවෝ ජිවිතයේ නිවැරදි තීරණ ගත හැකි , හොද ආත්ම ශක්තියක් ඇති වන අතර පසු කලෙක සාර්ථක ජිවිතයක් ගත කරති.

ඉහත විස්තර කල ක්‍රම වලට අමතරව සමහර අවස්ථාවල එකම පවුලේ  වැඩිහිටියන් විවිධ ආකාර වලට දරුවාට සලකනු අපි දැක ඇත්තෙමු.එනම් මව තද නීති අනුගමනය කරන අතර පිය දරුවාට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ඉඩ දෙන අයෙක් ආදී වශයෙනි, නමුත් මෙය දරුවාට අහිතකර වන අතර දරුවාගේ හැසිරීමේ ගැටළු ඇති වීමට හේතුවක් විය හැකියි.

දරුවකුගේ උපතේ සිට වැඩිහිටියෙකු ලෙස ස්වාධින ජිවිතයක් අරබන තෙක් දේමව්පියන් මත ඉතා දැඩි වගකීමක් පැවරී තිබේ. දෙමව්පියන් දරුවා කෙරෙහි දැක්විය යුතු ආකල්ප ගැන ඉහත පරිදි හොද අවබෝධයක් ලබා තිබීම හා තමා තුල ඇති අහිතකර පුරුදු වෙනස් කර ගැනීමෙන් ඔබේ දරුවාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබට උපකාරී විය හැකියි.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article