- Advertisement -

වැඩිහිටි ඔබේ “රට මානසිකත්වය” දරුවන්ගේ අභිමානය ගිල ගන්නේ මෙහෙමයි

-

අද අපේ නව යොවුන් දරුවන්ගේ තිබෙන්නේ විදේශගතවීමේ මානසිකත්වයක් යැයි කිව්වොත් එය වඩාත් නිවරැදියි. ඔවුන්ගේ ආකල්පය වී තිබෙන්නේ ලංකාවේ සිටියොත් අනාගතයක් නැති බවයි. ඒත් ඔවුන්ගේ මව් දෙමව්පියන් ඔවුන්ගේ අනාගතය හදා ගත්තේ මේ රටේ බව සඳහන් කළ විට දරුවන් කියන්නේ ඊට වඩා ඉදිරියට තමන් යා යුතු බවයි. මේ මානසිකත්වය නිසා ඔවුන් විදේශගතව දෙවැනි ජාතියක් විදිහට ජීවත්වීමට පටන් ගන්නවා. ඒත් දරුවන්ට අපේ අනන්‍යතාවය,අභිමානය තුළ ජීවත්වීමේ වැදගත්කම දරුවන්ට බාල කාලයේ පටන්ම කියා දීම ඉතාම වැදගත්.

අපේ රට යන සංකල්පයන් ගැන කියා දෙන්න.

බාල කාලයේ පටන්ම දරුවන්ට අපේ රට . ජාතිය. ආගම යන සංකල්පයන් ගැන වඩාත් අවධානයක් දක්වන්න. අද දෙමව්පියන් අතරත් තිබෙන්නේ රට මානසිකත්වයක් පමණයි. ඔවුන් වුනත් අපේ රට ගැන හැඟීමක් දරුවන්ට ඇති කරන්නෙත් නැහැ. රට තිබෙන විසිතුරු සැප සම්පත් මවල ඔවුන්ගේ මොළය තුලින්ම අපේ රට ජීවත්වීමට සුදුසු නැතැයි යන මානසිකත්වය ගොඩ නගනවා. ඒත් එදා අපේ අම්මලා අත්තම්මලා අපිට කියා දුන්නේ අපේ රට තරම් ජීවත්වීමට සුදුසු රටක් තවත් නැති බවයි. කොටින්ම එදා පාසල්වල පවා උදේට ගායනා කරනු ලැබුවේ “ලෝකෙන් උතුම් රට ලංකාවයි…” යන ගීතය බව සමහර අම්මලා තාත්තලාට මතක ඇති.

- Advertisement -
ළිං මැඩියෝ වෙන්නේ නැහැ.

පිටරටවල විසිතුරු සිරි නොදුටුවහොත් ඔවුන් ළිං මැඩියන් විදිහට සලකනවා. ඇත්තටම ලෝකයට ඇස් විවර කලාට කිසිම ගැටලුවක් නැහැ. අද ලෝකයම විශ්ව ගම්මානයක්. මේ ගම්මානයේ පුංචි තිතක් වගේ හිටියට අපේ රටටත් වටිනාකමක් තිබෙනවා. ඒ නිසා ලෝකයේ සංචාරයේ යෙදීමත්, ඒ රටවලට ගොස් රැකියාවන්හි නිරත වීමත් කිසිම වැරැද්දක් නැහැ.

ජාතිකාභිමාන ගී, කවි කථාන්දර කියා දෙන්න.

ඉස්සර කාලයේ බාල දරුවන්ට නිතරම කියා දුන්නේ අපේ රටේ මද්දුම බණ්ඩාර, පුරන්අප්පු වැනි වීරවරයන් ගැනයි. ඒ වගේම දරු නැලවිලිවලිනුත් ගැයුනේ ජාතිකාභිමානයයි. ඒ නිසා දරුවන්ගේ හිතේ මේ සංකල්ප තදින්ම පැවැතුනා. අද දරුවන්ට මේ වීරවරයන් ගැන කිසිම දැනුමක් නැති වුනත් ඔවුන් ලෝකයේ සිටින වෙනත් චරිත ගැන ඉතාම හොදින් දන්නවා. ඒ බොහෝ දේවල් දරුවන් සොයා ගන්නා දේ බව ඇත්ත. ඔවුන් ඒ තැනට පත් වෙන්නේ මව්පියන්ගෙන් අපේ ඉතිහාසයට ගැන කිසිම දැනුවත් බවක් නොලැබෙන නිසයි. ඒ නිසා ඔබ නිතරම දරුවන්ට අපේ අනන්‍යතාවය ගැන කරුණු කාරණාවන් ඉතා රසවත් සේ අතීතයට ගලපා ගෙන කියා දෙන්න.

අතීතය ගැන කියමින් සිටීම නිෂ්ඵල නැත.

සාමාන්‍ය ජීවිතයේදී නම් අතීතය ගැන මෙනෙහි කිරීමට වඩා අනාගතය වෙනුවෙන් වර්තමානය සකසා ගත යුතු බව සැබෑ වුනත් උරුමයන් පිලිබඳව නම් ඒ තත්වය එතරම් සාධාරණ නැහැ. අපිට කියා සාඩම්බර අතීතයක් තිබුන බව දරුවන්ට කියා දෙන්න. අද ලෝකයේ දියුණු වාරි කර්මාන්ත දෙස බලන විට අපේ පොලොන්නරු රාජධාණියේ කුට්ටම් පොකුන වැනි නිර්මානවලින් ලැබෙන ආභාෂය කියා දෙන්න.රුවන්වැලි සෑය, පොලොන්නරුවේ ගල් විහාරය, අව්කන බුදුපිලිමය, සොරබොරවැව වැනි නිර්මානයන්හි ඇති අපුර්වත්වය ඔවුන්ට පෙන්වන්න. එවිට අපේ අතීත උරුමය මොනතරම් සාඩම්බරද යන්න දරුවන්ගේ හදවතටම ඒත්තු ගැනෙනු ඇත.

නිදහස් දින කටයුතුවලට දරුවන්ද  සම්බන්ධ කරගන්න.

කුමන හෝ වාසනාවකට මෑතක සිට නිදහස් දිනය වෙනුවෙන් අපේ හැම නිවසකම ජාතික කොඩියක් ඔසවා තැබීම සිරිතක් බවට පත්ව ඇත. ජාතික ධජයකින් පිළිඹිමු වෙන්නේ රටක ජාතික අභිමානයයි. ඒ නිසා අල්ලපු ගෙදර කොඩියක් ඔසවන ලද නිසා ඊට වඩා දිගින් පලලින් යුක්ත කොඩියක් ඔබගේ  නිවසේ එසැවිය යුතු නැත. ඒ වගේම කොඩියක් මිළදී ගන්නා විට එහි ප්‍රමිතිය ගැන සලකා බලන්න. මෙහි ප්‍රමිතිය යනුවෙන් අදහස් කරන්නේ එය නිර්මානය කරන ලද රෙදි වර්ගය නොව එහි තිබෙන අපේ සලකුණු සහ වර්ණ නිසි පරිදි ගලපා තිබේද යන්නයි.

එහිදී මෙම කටයුත්ත වෙනුවෙන් දරුවන්ද සම්බන්ධ කර ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම කොඩිය ඔසවන විට එහි ගරුත්වය ගැන සලකා බලන්න. ඇතැම් අවස්ථාවන්හිදී ගසක අතු අගක ජාතික කොඩිය එල්ලා තබන අවස්තාවන් ඇත. එසේ නොමැතිව නිවසේ ඉහලින්ම ගරුත්වයක් ඇති වෙන සේ මෙන්ම සිංහයා යටිකුරුව නොසිටින සේ කොඩිය ඔසවා සිටිමට කටයුතු කරන්න.

ජාතික කොඩියට කළ යුතු බුහුමන්.

ක්‍රිඩා තරඟ ඉසව්වලදී ජය ලද විට ජාතික කොඩිය පොරවා ගෙන නැටීම එතරම් යෝග්‍ය නොවන බව දරුවන්ට කියා දෙන්න. මුහුණේ ජාතික කොඩියේ ස්ටිකර් අලවා ගැනීම වැනි දෙයින් එහි සම්මානනීයත්වයට එතරම් සුදුසු නැත. කුඩා දරුවන්ට මෙවන් ආදර්ශ ලබා දෙන වැඩිහිටියන් ඒ ගැන සැලකිලිමත් වීම වඩාත් උචිතයි.

ජාතික ගීතය ගායනා කරන විට.

ජාතික ගීතය ගායනා කරන විට සිටගත යුතු පිළිවෙල මෙන්ම එහි අභිමානයට ගැලපෙන සේ  අභිමානයෙන් ගීතය ගැයෙන මිනිත්තු තුනක් වැනි කෙටි කාලය ගත කළ යුතු බව අවධාරනයෙන්ම දරුවන්ට කියා දෙන්න.අපේ රටේ ජාතික ගීතය ගායනා කිරීමේදී කිසියම් වැරැද්දක් සිදු වුනත් ඒ පිළිබඳව නීති රීති නැතැත් මෙක්සිකෝවේ ජාතිකයන් ජාතික ගීයට දක්වන්නේ අසීමිත ගෞරවයකි. ජාතික ගීතය වරදවා ගායනා කිරීම නීති මගින් දඩුවම් ලැබිය යුතු වරදකි. වරක් මෙක්සිකෝවේ බොක්ෂිං තරගාවලියක් ආරම්භ කිරීමට පෙරාතුව ඒ වෙනුවෙන් මුල පිරීමට පොප් ගායක “ජෝර්ග් මුනිස්” ට මයික්‍රෝපෝනය භාර දෙන ලදී. අවාසනාවකට මෙන් ඔහුට ජාතික ගීතය ගායනා කිරීමේදී වැරැදද්ක් සිදු වුයෙන් එරට අධිකරණය විසින් පෙසෝ මිලියනයක දඩයක් මෙම ගායකයාට නියම කළ අතර මින් ඉදිරියට ජාතික ගීතය නිවරැදිව ගායනා කිරීමට ඔහුට උපදෙස් දෙන ලදී.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article