තාක්ෂණයට අනවශ්‍ය ලෙස හුරු වීම සෞඛ්‍යයට බලපාන්නේ මෙහෙමයි

pollution

තාක්ෂණයෙන් ලෝකය ඉදිරියට යද්දී තවත් පැත්තකින් මිනිස් ජීවිතයට සිදු වෙන හානිය විශාලයි. එයින් මුලුතැන්ගෙය පවා අතික්‍රමනය කරන තරම් ප්‍රතිඵල දරුනුයි. හැම දෙයකම හොඳ පැත්තක් වගේම නොහොඳ පැත්තකුත් තිබෙනවා. තාක්ෂණය විසින් අපේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරනවා. ඉන්දියා ටුඩේ සගරාවට අනුව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය එස් ආර්. තමාන් සදහන් කරන්නේ නිවස තුළ සිද්ධ වෙන පරිසර දූෂනය ගැන තවමත් තොරතුරු එතරම් ප්‍රසිද්ධියට පත්ව නැති බවයි.

ඉන්දියාවේ පරිසර දුෂණය පිලිබඳ ඇමරිකානු සංගමය වාර්තා කරන්නේ අපේ නිවස තුළ විශේෂයෙන්ම මුලුතැන්ගෙය ආශ්‍රිතව පවතින කාබන් ඩයොක්සයිඩ් මට්ටම පිටත වායුගෝලයට වඩා 250% කින් ඉහළ මට්ටමක පවතින බවයි. ගොඩනැගිලි ඉදිකිරීම නිසා අපිරිසිදු වාතය පිටතට යෑමට අවශ්‍ය සංවහන තත්වයක් නැහැ. මේ නිසා ඉන්දියාවේ පමණක් වසරකට පුද්ගලයන් 40,000 ක් මියයන බව දැන් හදුනාගෙන තිබෙනවා. අපේ රටටත් මේ තත්වය ඉතාම සාධාරණයි.

අද අපේ රටේ වුනත් මුළුතැන්ගෙයි කටයුතු වෙනුවෙන් භාවිතා කරන උපාංගයන්හි අන්තර්ගත අංශුමය ද්‍රව්‍යන්හි ප්‍රතිශතය ඉතාම ඉහලයි. සල්පර් ඩයොක්සයිඩ්, නයිට්රජන්, ඔක්සයිඩ් වැනි වායු වර්ගයන්හි ප්‍රතිශතය ඉතාම ඉහලයි. මේ නිසා ශ්වසන ආබාධ, කැස්ස, ඇස් දැවිල්ල වැනි රෝගී තත්වයන් ඇති වෙනවා. භුමිතෙල් උදුනකින් නිකුත් වෙනවාට වඩා ගැස් උදුනකින් මේ තත්වය ඉතාම දරුණු අන්දමින් පරිසරයට බලපානවා.

අතීතයේදී නිවසක් සුවදවත් වුනේ ගෙවත්තේ තිබෙන සමන්පිච්ච, සේපාලිකා වැනි මල් සුවඳට වුනත් අද බොහෝ දෙනෙක් මේ සුගන්ධය ලබා ගන්නේ විවිධ සුවදකාරකයන් මගින් පරිසරයට අලුත් බවක් ලබා දීමෙනුයි. මේවායේ අන්තර්ගතව තිබෙන්නේ  “මෙතිල් ක්ගෝරයිඩ් ක්‍රියෝසෝල් හා ඇමෝනියා” වැනි සංයෝගයන් බව ඔබ නොදන්නවා ඇති. මෙම සංයෝග නිසා ශ්වසන පද්ධතිය ආවරණය වී තිබෙන සෛල තට්ටුව අනවශ්‍ය විදිහට උත්තේජනය වෙනවා. මෙම වායු වර්ග මධ්‍ය ස්නායු පද්ධතිය, වකුගඩු හා අක්මාවට ඉතාම අහිතකර විදිහට බලපානවා. ඒ වගේම විවිධ සුවද ධූප වුනත් එතරම් හොඳ නැති බවයි මෙම වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දී තිබෙන්නේ…

දාඩිය දැමීමෙන් මිදුන කෘතිමව සලසා දෙන ලද සුවදායක පරිසරයකට අපි ඉතාම කැමැතියි. මේ නිසා අපි නිතරම වෙහෙසෙන්නේ වායුසමීකරනය කරන ලද පරිසරයක ජීවත්වීමටයි. වෙනතක් තබා බසයක වුනත් ගමන්වියදම වගේ දෙගුණයක් ගෙවලා අපි බලන්නේ දාඩිය නැතුව ගමන බිමන ගිහින් ඒමටයි.වායු සමීකරන යන්ත්‍රයක කාර්යය වෙන්නේ  වාතය පෙරණයක් මගින් ගෙන ගොස් සිසිල් කිරීමෙන් පසුව නැවත නිදහස් කිරීමටයි. මෙම පෙරණය මත රැ‍දෙන විවිධ දූවිලි අංශු , පරාග, බැක්ටීරියා හෙවත් වෛරස නිසා අපි විවිධ ආසාදනයන්ට ලක් වීම ඉතාම සුලබයි.නිවස තුළ විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් රැ‍ඳෙනවා. ඒ වගේම කාබන්මොනක්සයිඩ් මගින් රුධිරයේ ඔක්සිජන් පරිවහනය අඩපණ කිරීම නිසා සිහිමද ගතියක් ඇති වෙනවා. මේ නිසා ඔබට හෘදයාබාධයන්ට ගොදුරුවීමටත් වැඩි අවදානමක් තිබෙනවා.

දුම්පානය කරන පුද්ගලයාට වඩා දුමට නිරාවරනය වෙන පුද්ගලයාට ඇති වෙන බලපෑම වැඩියි.දුම්පානය කරන කෙනෙක් සිටින විට ඒ නිවසේ සෙසු පිරිසත් දුමට නිරාවරනය වෙනවා. එය ඉතාම අහිතකරයි.

පරිසරය අවට ගහක් කොළක් නැති වටපිටාවක් වීම නිසා පිරිසිදු වාතයක් ලැබෙන්නේ නැහැ.විදුලි පංකාවකින් කෘතිම ලෙසින් වාතය කැලඹිම හැරුනාම අලුත් වාතයක් ලැබෙන්නේ නැහැ.

එදා නිවස ඇතුලත වගේම වටපිටාවත් ඉතාම පිරිසිදුයි. පොල්කටු , ටින් , බෙලෙක්ක තැන තැන මුදා හැරියේ නැහැ. ඒ වෙනුවෙන් ඔවුන්ට ස්ථාන තිබුනා. ටින් එකකට පස් පුරවලා මල් පැලයක් එහෙම නැත්නම් ඇට වර්ග තවාන් කලා.ඉවතලද  මී කිරි හට්ටියේ වුනත් මල් ගහක් වවා ගත්තා. බිදුන කොරහ, බේසම පවා මල් පැලයක් එහෙම නැත්නම් කෝමාරිකා , ඉඟුරු වැනි බෙහෙත් ඖෂධයක් රෝපනය කර ගත්තා.මදුරුවන් වෙනුවෙන් මදුරු දඟර හෝ වෙනත් රසායනික විකර්ශනයන් එදා තිබුනේ නැහැ.මදුරුතලා,කැකුණ ඇට වැනි ස්වභාවික දෙයින් මේ අපහසුතාවයන් නැති වුණා.මේ නිසා ඩෙංගු මදුරුවන්ට තවාන් හැදුනෙත් නැහැ. කිසිම කෙනෙක් දඩ ගහන්න පසු විපරම් කලෙත් නැහැ.මේ සියල්ලටම බලපාන ලද එක් හේතුවක් තිබුණා. එවුන් පරිසරය ඉතාම පිරිසිදුවට තබා ගත්තා. කැලි කසල තැන තැන මුදාහැරීම පාපයක් විදිහට සලකනු ලැබුවා. ඒ ස්වයං හික්මීම නිසාම පරිසරය ආරක්ෂා කරන ගති පැවැතුම් ඔවුන්ගේ ජීවිතයේම කොටසක් වුනා.

ප්ලාස්ටික් පිලිස්සීමත් ඉතාම අහිතකරයි. අද ඇසුරුම් සියල්ලම ප්ලාස්ටික් හෝ පොලිතින්වලින් නිර්මිතයි. බත් පත පවා ඔතන්නේ පොලිතින් කොළයක. මේ නිසා මෙම දේවල් ඉවත දැමීම නිසා පරිසරයට විශාල හානියක් සිද්ධ වෙනවා. මුලුතැන්ගෙදර කටයුතු වෙනුවෙන් වුනත් ප්ලාස්ටික් ඇසුරුම් යොදා ගැනීම ඉතාම අහිතකරයි.ඒවායේ තෙල්, කුණු සහ දැලි ඉවත්කිරීම ඉතාම අපහසුයි.මේවා පිලිස්සීමෙන් සිද්ධ වෙන හානියත් ඉතාම අහිතකරයි. එදා මේ වෙනුවෙන් අලු, සබන් වැනි දේ යොදා ගත්තද අද වෛවාරන දියරයන් තිබෙනවා. මේවා මිනිස් සෞඛ්‍යට අහිතරක බව දැන් හදුනාගෙන තිබෙනවා.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY