- Advertisement -

දරුවෙකුගේ බුද්ධි වර්ධන ඌනතාවය හඳුනාගන්න අම්මලාට කරුණු ටිකක්

-

දරුවන් සියයක් ගතහොත් ඒ අතරින් 1% – 5% ත් අතර ප්‍රමාණයක් මේ කොටසට අයත් වන අතරම ඔවුන්ගේ එම තත්ත්වය වටහා ගැනීමට මව්වරුන්ට නොහැකි වන්නේ ඒ සම්බන්ධයෙන් ඔවුන් සතුව කිසිදු දැනුවත් බවක් නොමැති බැවිනි. දරුවන්ගේ බුද්ධි වර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී තම කාර්යයන් පිළිබඳව කිසිදු අවබෝධයක් නැති දරුවන් අසාමාන්‍ය ලෙස එනම් තද බල ලෙස බුද්ධි ඌනතාවයෙන් පෙලෙන දරුවන් ලෙස නම් කළ හැකි අතරම පෙනුමෙන් සහ චර්යාවන්ගෙන් ඔවුන්ගේ තත්ත්වය හඳුනා ගැනීම අපහසු නොවේ. නමුත් සාමාන්‍ය එනම් තද බල නොවන බුද්ධි ඌනතාවයක් ඇති දරුවන් එසේ හඳුනා ගැනීම අපහසුය.

අලුත උපන් බිළිදෙකු හිස ඔසවා ගැනීම/මුනින් අතට පෙරලීම/බඩගෑම/දණගෑම/අල්ලාගෙන ඇවිදීම ආදී චලන රටා මුල් ළමා වියේදී පෙන්නුම් කරන අතරම දරුවෙකුගේ බුද්ධි වර්ධනයේ අඩු වීමක් ඇත්නම් මෙම චලන රටාවන් පෙන්නුම් කළ යුතු නියමිත කාල සීමාවේදී පෙන්නුම් නොකරයි. අන්න ඒ නිසාම සැමවිටම ළදරුවන්ගේ චලන රටාවන් පිළිබඳව නිසි අවධානය යොමු කර ප්‍රතිකාර වෙත යොමු වීමට මව්වරුන් දැනුවත් විය යුතුය. නොදැනුවත්කම හේතුවෙන් මෙවැනි කරුණු සම්බන්ධයෙන් මව්පියන් අවධානය යොමු නොකරන අතරම ඔවුන්ගේ අවධානය යොමු වන්නේ දරුවාගේ කථන ප්‍රමාදය ඇති වූ විටය. එවිට නිසි අවස්ථාවට ඔබ එළැඹෙන්නේ ප්‍රමාද වීය.

- Advertisement -

අපි ඇස්, කන් සහ නාසය මෙන්ම සම මගින් ලබාගන්නා උත්තේජනවලට ප්‍රතිචාර දැක්වීම ඇතුලූ මිනිස් සිරුරේ සියලූම ක්‍රියාවන් පාලනය වන්නේ මොළයේ ඇති නියුරෝන සෛල මගින් අවශ්‍ය අවස්ථාව සඳහා ප්‍රතිචාර දක්වන අතරම එම නියුරෝන සෛල නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් එනම් නියුරෝන සෛලවලට හානි වීම නිසා ප්‍රතිචාර දැක්වීමට බාධා ගෙන එයි.

මොළයේ නියුරෝන සෛල විනාෂ විය හැකි අවස්ථා

දරුවා මව් කුස තුළ සිටියදී නියුරෝන සෛල විනාෂ විය හැකි අවස්ථා වන්නේ මවට ඇතිවිය හැකි දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් කළලයට සපයන පෝෂණය හා ඔක්සිජන් අඩුවීම/කලලයට මුල් මාස තුන ඇතුළත් මව වෛරස් උණ, පැපොල, සරම්ප හෝ රුඛෙල්ලා වැනි රෝගවලට ගොදුරු වීම/ ගැබිනි මවගේ පෝෂණ තත්ත්වය පහළ මට්ටමක් වීම/මව මධ්‍යසාර ගැනීම/ ප්‍රසූතියේදී සිදුවන අනතුරු වැනි කරුණුය.

මෙලොවට බිහි වූ පසු නියුරෝන සෛල විනාෂ විය හැකි අවස්ථා ලෙස පළමු මාස තුන ඇතුළත නිතර නිතර රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම/හිසට තදබල පහරක් වැදීම නිසා මොළයට හානි සිදු වීම/දැඩි මානසික ආතතියකට ලක් වීම/සිරුරේ හෝමෝන අසමතුලිතතා වැනි අවස්ථා දැක් විය හැකිය.

ජානවල බලපෑම මත පවුලට ආවේනික වු මානසික සංවර්ධන ගැටලු දරුවාට උරුම විය හැකිය. (ලේ නෑයන් අතර විවාහ)

මෙවැනි තත්ත්වයන්හිදී ඒ පිළිබඳව අවබෝධ කරගත් පසු දරුවා කථන චිකිත්සක සහ චලන රටා  චිකිත්සක ප්‍රතිකාර වෙත යොමු කරයි.

දරුවන්ගේ මෙවැනි තත්ත්ව පිළිබඳව මුලින්ම හඳුනා ගත හැකි වන්නේ මවටයි. මව්වරුන් ලෙස ඔබ නිසි වයසත් සමග දරුවාගේ ක්‍රියාකාරකම් දෙස අවධානයෙන් සිටින්න. එසේම පහත කරුණු පිළිබඳව ඔබේ අවදානය යොමු කිරීම වැදගත් වනු ඇත.

  • ඉගෙන ගන්නා වයසේ දරුවන් නම් එක තැන වැඩි වෙලාවක් නොසිටීම.
  • අවධානය සෑම විටම ගිලිහී යන තත්ත්වයක් තිබීම.
  • ඉතා කළබලකාරී වීම හෝ වඩාත් නිශ්ශබ්ද වීම.
  • අන් අයට හිරිහැර කිරීම.
  • ඉගෙන ගන්නා වයසේ දරුවෙකු නම් අකුරු හඳුනා නොගැනීම ආදිය සිදුවිය හැක.

ඔබ මවක් වශයෙන් ඔබේ දරුවා වෙත පූර්ණ අවධානය යොමු කළ යුත්තේ එහෙයිනි.

කොළඹ, වසංගත රෝග අංශයේ ජේෂ්ඨ ලේකකාධිකාරී  ප්‍රජා වෛද්‍ය සමීර සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article