- Advertisement -

දරුවන්ට කතා කියන අම්මලාට වටිනම කතාව තමයි මේ…

-

එකමත් එක කාලෙක කියලා පටන් ගනිද්දිම පුංචි දරුවෝ හරි බරි ගැහිලා වාඩි වෙන්නේ අම්මා/තාත්තා/ආච්චි මේ ලෑස්ති වෙන්නේ ලස්සන කතන්දරයක් කියලා දෙන්න බව දන්න නිසයි. ලොකු පුංචි කියලා වෙනසක් නෑ, හැමකෙනෙක්ම වගේ කතන්දර අහන්න ආසයි. පුංචි දරුවන්ගේ භාෂා කුසලතාව වර්ධනය කිරීමට, සවන්දීමේ කුසලතාව වර්ධනය කිරීමට වගේම පෙර කියවීමේ කුසලතාව වර්ධනයට කතන්දරවලින් දරුවෙකුට ලොකු සහයෝගයක් ලැඛෙනවා.

එකම කතාව වුණත් නැවත නැවත කියන්නට දරුවන් පෙරැත්ත කරන අත්දැකීම ඔබටත් ඇති. ඒ වගේම පොත් මේ අත්දැකීම් දරුවෙකුගේ සමස්ත වර්ධනය කෙරේ විශාල බලපෑමක් ඇති කරනවා. වැඩිහිටි අපගේ වගකීම වන්නේ දරුවන්ගේ රසවින්දනයට හෝ බුද්ධියට බාධාවක් නොවන පරිද්දෙන් මේ යුතුකම ඉටු කිරීමයි.

- Advertisement -
දරුවන්ට කතන්දර කියා දෙන විට මෙන්න මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න

දරුවන්ට කතන්දර කියාදීමේදී ඒ සඳහා සුදුසු වේලාවක් මෙන්ම ස්ථානයක් තෝරාගන්න. ඒ සඳහා ඔබ තෝරාගන්නා වේලාව මෙන්ම ස්ථානයද දරුවාට සුව පහසුද ඒ සඳහා දරුවාට යොමු වීමට සුදුසු මානසිකත්වයක සිටීද යන්න පිළිබඳව සැලකිලිමත් වෙන්න. කිසිදු අවස්ථාවක මේ සඳහා දරුවෙකු බලෙන් පොළඹවා ගැනීම නුසුදුසු බව සිහිතබාගන්න.

  • සැමවිටම වඩාත් හොඳ ආරම්භයක් ලබාගන්න. දරුවා තුළ කුතුහලය වර්ධනය වන ආකාරයෙන් නිර්මාණශීලී ලෙස මේ අවස්ථාව වෙත යොමු වීම වැඩැහිටි ඔබේ වගකීමකි. එසේම කතාන්දරයේ ආරම්භය හා අවසානය අතර මනා සබඳතාවයක් පැවතිය යුතුය.
  • මේ කාල සීමාව තුළ දරුවාගේ අවධානය වෙනත් දේ වෙත යොමු වීඹ වැළැක්වීම සඳහා කතාව හා සමග දරුවා විටින් විට සම්බන්ධ කරගන්න. දරුවාගෙන් ඒ පිලිබඳව ප්‍රශ්න කිරීම, වාක්‍ය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබාදීම වැනි ක්‍රියාකාරකම් මේ වෙනුවෙන් උපයෝගී කරගැනීමට හැකිය. ඒ අවස්ථාවන් දරුවාගේ මකත ශක්තිය වර්ධනය උදෙසා ද ඉවහල් වනු ඇත.
  • රසවත්ව නිර්මාණශීලීව දරුවාට කතාව ඉදිරිපත් කිරීම අනෙක් වැදගත් කරුණයි. මුහුණේ හැගීම්, දෙබස් කණ්ඩ, හඬ පාලනය සමගින් ඉතා රසවත්ව දරුවෙකුට කතාන්දරයක් ඉදිරිපත් කිරීමට වැඩිහිටි ඔබ සමත් නම් දරුවාගේ භාෂා දැනුම ද වර්ධනය වන් නිසැකය.
  • දරුවන්ගේ ලෝකය මුළුමනින්ම ආක්‍රමණය කර ඇති සතුන්, කුරුල්ලන්, සුරංගනාවියන්ගේ කතාවලට වැඩි තැනක් ලබාදිීම මෙන්ම ආගමික, සදාචාරාත්මක, සංස්කෘතිමය වටිනාකමක් ඇති ආදර්ශමත් කතා දරුවන්ට ඇසීමට සැලැස්වීමද ඉතා වැදගත් වනු ඇත.
  • ඔබ දරුවා ඉදිරියේ ඉදිරිපත් කරනු ලබන කතාන්දරයේ අදහස මෙන්ම ඒ හරහා දරුවා තුළට ගමන්කළ යුතු පණිවිඩය උපරිමයෙන් දරුවාට ග්‍රහණය කරගැනීමට මෙන්ම මේ අවස්ථාව තුළ උපරිමයෙන් දරුවා සතුටට පත්කිරීමට නම් චිත්‍ර, රූකඩ, ඡායාරූප, පෝස්ටර් ආදිය යොදාගැනීමට ඔබට හැකියි.
  • කතාන්දරයක් කියාදීම සඳහා උපරිමයෙන් විනාඩි 10ක පමණ කාලයක් පමණක් වැය කළ යුතුය. දීර්ඝ කතා පැවසීම සුදුසු නැති බව සිහිතබාගන්න.
  • ඔබ කියාදුන් කතාන්දර දරුවාටත් කියන්න අවස්ථාවක් ලබාදෙන්න. ඒ ක්‍රියාව අගයන්න.
දරුවන්ට කතන්දර කියා දීමේදී මේ දේවල් නම් කරන්න එපා

  • කිසිදු විටෙක වැරදි ආදර්ශ ලබාදෙන ආකාරයේ කතන්දර පැවසීම.
    උදා : ඔන්න ඉතිං හාවාට හැමදේම එපා වෙලා… අන්තිමට එයා මැරෙන්න හිතුවා
  • වැරැද්ද/වංචාව ජයගන්නා කතාන්දර කියාදීම
  • අනුවණ ක්‍රියාකාරකම් අගය කිරීම
  • දරුවන් බියගන්වන කතාන්දර කියාදීම (බියකරු සතුන්/යක‍ෂයන්/රාක‍ෂයන්)
  • නපුරු ක්‍රියාවන් ඇතුලත් කතාන්දර කියාදීම
  • චරිත වැඩි සංඛ්‍යාවක් ඇති කතාන්දර කියාදීම
  • සංකීර්ණ වචන, දෙබස් භාවිතා කිරීම
පෙර පාසැල් ආචාරිනි ක්‍රිස්ටින් ෆ්‍රැන්සිස්කා සිල්වා මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article