- Advertisement -

දරුවාගේ මනසට අනවශ්‍ය බරක් නොදී ගණිත සංකල්ප හුරු කරන්නේ මෙහෙමයි

-

පෙර පාසල් වියට පත් වෙන විට දරුවන්ට යම් යම් ගනිත සංකල්පයන් ගැන අවබෝධයක් ලැබීම සාමාන්‍ය තත්වයක්. ඔබට කිසිම දවසක දරුවා එක රැයකින් ගණිතඥයෙකු බවට පත් කරන්න පැහැ. ඒ වුනත් අනාගත ගණිතඥයෙකු වෙනුවෙන් වූ මග ඔබට නිර්මානය කිරීමත් එතරම් අපහසුවක් නොවෙයි.

ඒත් දරුවාගේ මනසට ගැලපෙන්න එපායැ …

ඔව් ඒක ඇත්ත ඔබට මොන තරම් ආශාවක් තිබුනත් එය දරුවාට ඔරොත්තු දෙන මට්ටමක පැවැතිය යුතුයි.අනවශ්‍ය විදිහට දරුවාගේ මනසට බරක් නොවන සේ ගනිත සංකල්ප ගැන ඔවුන් දැණුවත් කරන්නේ කොහොමද ?…

- Advertisement -
මුලින්ම හැඩතල සොයා ගන්න

අද වෙළදපොලේ ඔබට ඉතා විසිතුරු හැඩතල මිළට ගැනීමට පුලුවන්. එසේත් නැත්නම් මේවා ඔබටම පිලියෙල කර ගන්නත් පුලුවන්.  රවුම, සමචතුරඝ්‍රය, වාත්තය වැනි හැඩතල කපා ගෙන වර්ණ ගන්වා ඒවා වෙන් වෙන්ව හදුනා ගැනීමට උදව් දෙන්න. වෘත්තය දරුවා රවුම සේ දකිනු ඇත. සමචතුරඝ්‍රය දකින්නේ කොටුවක් ලෙසයි. සෘජුකෝනාඝ්‍රය  දිග කොටුව සේ දකියි. එවිට නෑ..නෑ මේක තවා වෘත්තය යනුවෙන් නියම ගනිත සංකල්ප බලෙන් ඇතුලු කිරීමට වෙර දරන්න එපා. අද ඔහු දකින රවුම හෙට වාතත්ය සේ හැදින ගනු ඇත. බාල වයසේ දරුවෙක් වෙනුවෙන් අවශ්‍ය වන්නේ මෙම සංකල්ප ගැන දැණුමක් ලබා දීම පමණි.

හැඩතල හදුනා ගන්න අපහසු වුනොත්…

මේ වෙනුවෙනුත් ඉතා පහසු දෙයක් ඔබට කළ හැකියි. නිතරම එක් එක් වර්ගයේ හැඩතල වෙනුවෙන් වර්ණ ලබා දෙන්න. උදාහරණයක් විදිහට සියලුම වාත්ත නිල් වර්නයෙන්ද, චතුරඝ්‍ර කොළ වර්ණයෙන්ද වර්ණ ගන්වනන්. දැන් දරුවා නිල් වර්ණයේ හැඩතල වෙන් කරනු ඇත. සංකල්පයක් නොවුනත් ඔහු වර්ණය නිසා ඉතා පහසුවෙන් සමාන හැඩතල එක් තැනකට පත් කර ගනු ඇත.

ප්‍රමාණය අනුව තෝරන්න

බාල කාලයේ පටන්ම දරුවන් තුල ලොකු සහ කුඩා යන සංකල්පයන් ඉතා හොදින් මුල් බැසගෙන ඇත. හැම දෙයකම දරුවාට අවහ්‍ය වන්නේ ලොකු කොටසයි. බාල දරුවෙක් සිටින තැනදී වැඩිමහල් දරුවා නිතරම චෝදනා නගන්නේ බාලයාට ලොකු කොටස ලැබුන ලෙසයි. එමෙන්ම බාල දරුවාගේ චෝදනාව වැඩිමහල් දරුවාට ලොකු කොටස ලැබුන බවයි. ඒ නිසා ඔවුන්ට මෙම සංකලප් ඉතා හොදින් මනසේ පවතින නිසා ප්‍රමානාත්මක සංකල්ප පිලිබඳව එතරම් ගැටලුවක් ඇති නොවේ.

මොනවද ඉතින් දෙන්නේ ?….

වර්ණවත් කඩදාසියකින් දරුවාගේ වචනයෙන් කියනවා  නම් රවුම් කපන්න. මේවා එක් එක් ප්‍රමාණයන්ගෙන් කපා ගෙන දැන් ලොකු හා කුඩා රවුම් වෙන් කිරීමට උපදෙස් දෙන්න. ඔවුන් ඉතා අපුරුවට එය ඉටු කරනු ඇත.

සමාන දේ එක්තැන් කිරීමටත් අසමාන දේ වෙන් කිරීමට කියා දෙන්න

අපේ ජීවිතයේ හැම දෙයක් වෙනුවෙන්ම වර්ගීකරනයක් අවශ්‍ය වෙනවා. දරුවාටත් බාල කාලයේ පටන්ම ඒ ගනැ කියා දෙන්න. වෙළදපොලෙන් ගෙනෙන එළවලු වට්ටියකට දමා තවත් ඇසුරුම් කිහිපයක් ලබා දෙන්න. එක් එක් වර්ගය එක් එක් ඇසුරුමට දමන්නනට උපදෙස් දෙන්න. බෝංචිවල හැඩය වර්ණය අනුව එය රක් ඇසුරුමකට දමනු ඇත. කැරට් තවත් ඇසුරුමකට දමනු ඇත. කිසිම පිලිවෙලක් නොමැතිව තිබුන එළවලු වට්ටිය දරුවා ඒ ඒ ඇසුරුමට දමා වෙන් කරනු ලබන්නේ ඉතාම අපුරු ලෙසයි. එයින් ඔබටත් නොදැනෙන ලෙසින් ඔහු වර්ග කිරීම හෙවත් සමාන දේ එක්තැන් කිරීමට ඉගෙන ගනු ඇත. සමාන දේ එක්තැන් වෙන විට අසමාන දේ විතැන් වෙනු ඇත. ඒ සියල්ල දරුවාඅත්දැකීමෙන් ඉගෙන ගන්නේ ඔබ විසින් ඔවුන්ට ලබා දෙන මාර්ගෝපදේශය මතයි.

ඇත්තටම ගණිතය වෙනුවෙන් පෙරපාසල් දරුවන් අතිරේක පංති යවන්න අවශ්‍ය නැහැ නේද ?..

ඒක ඇත්ත… නිවසේදී ඕනෑ තරම් ගනිත සංකල්ප ගැන අවබෝධය දරුවන්ට ලබා දෙන්න පුලුවන්.

දරුවාගේ පොත් මේසය දිග, තොට පිලිවෙලට පොත් තබන්න කියා දෙන්න.

නිවසට ගෙනෙන රසකැවිලි වෙන් වෙන් හැඩතල අනුව බෙදන්න. උදාහරණ අලුවා, ටොපි , බිස්කට් , ඩෝ නට් වැනි හැඩතල ගැන පෙන්වා දෙන්න.

වට්ටියක ඇති මල් පූජා කරන්න පෙරාතුව වර්ණ අනුව පිළිවෙලට තබන්න.

දරුවාගේ ඇදුම් අල්මාරියේ සමාන දේ එක්තැන් කිරීමට උපදෙස් දෙන්න. ගවුම් වෙනම කොටසකද, කලියම් වෙනම කොටසකද තබන්නට උපදෙස් දුන් විට ඔවුන් සමාන දේ එක්රැස් කිරීමට ඉගෙන ගනු ඇත.මේ විදිහට පුංචි පුංචි ත්‍රියාකාරකම් මගින් ඔබේ දරුවාගේ ගණිත සංකල්ප ඔවුන් සමග නොදැනීම වර්ධනය වෙන පරිසරය මව්පියන් විදිහට ගොඩ නැගීම ඔබට එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article