- Advertisement -

ඔබේ ගෙදරින් අදම පටන් ගන්න……

-

අනවශ්‍ය දේ ප්‍රතික්ෂේප කරන්න


ඔබ කිසියම් භාණ්ඩයක් මිළට ගැනීමේ දී එය දැවටුම් කීපයකින් සහ අවසානයේ දී අලංකාර ‍පෙට්ටියකින් වෙළඳ සැලේ කවුන්ටරයට පැමිණෙනවා. මේ දැවටුම් ඔබට අවශ්‍ය ද කියා ‍හිතලා බලන්න. ඒ අනවශ්‍ය දේ ඉවත් කරලා අදාල භාණ්ඩය පමණක් මිළදී ගන්න ඔබ මෙතෙක් කල්පනා නොකළා වෙන්න ඉඩ තියනවා. සමහර විට එය භාණ්ඩයේ ආරක්ෂාව සඳහා තිබෙන ඇසුරුමක් වෙන්නත් පුළුවන්. උදාහරණක් විදිහට ඔබ යම්කිසි ගෘහ භාණ්ඩක් හෝ විදුලි උපකරණය ඇනවුම් කර ගෙන්වා ගන්නවා නම් ඒ සමග පැමිණෙන රිජුෆෝම් පෙට්ටි, පොලිතීන් බෑග් සහ කාඩ්බෝඩ් පෙට්ටි ඔබට විශාල කරදරයක්. ඒ සියල්ල රැගෙන ආ වාහනයේම එම ආයතනය වෙත යවන්න උපක්‍රමශීලී වෙන්න ඔබට පුළුවන්. එය එක් අතකට එම ආයතනයට පහසුවක්. ඔවුන්ට තවත් පාරිභෝගිකයෙක් වෙනුවෙන් ඒවා යොදා ගන්නට පුළුවන්. විදේශ රටකදී මිළදී ගන්නා භාණ්ඩ වල සියළුම ඇසුරුම් ඉවත් කොට ගමන් බෑගයේ බර කළමනාකරණය කර ගන්නා ඔබට දේශීය මිල දී ගැනීම්වලදී එකතු වන අනවශ්‍ය දේ කළමනාකරණය කරගැනීමටත් හැකියාව අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article