- Advertisement -

ඔබේ ගෙදරින් අදම පටන් ගන්න……

-

එක් වරක් භාවිතයට නැවතීම තියන්න, නැවත නැවත පාව්ච්චි කරන්න


reusingනිවසින් රැ‍ගෙන යන  දවල් කෑම පාර්සලය කෙසෙල්‍ කොළේක දවටපු කාලයක් තිබුණා. දැන් ඒ කටයුත්ත පහසුව ගැන හිතලා සෙලෝෆේන් කොළයකට බාර දීලා. දවසකට එක ගෙදරකින් සෙලෝෆේන් කොළ කීයක් විවිධ කාර්යාලවල කුණු කූඩවලට යවනවද කියන එක හිතලා බලමු. අවශ්‍යතාවයකටවත් කෙසෙල් කොළ හොයාගන්න බැරි පරිසරක අප අද ජීවත් වෙන නිසා  කෙසෙල් කොළ සොයන එක ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. ඒත් ඒ වෙනුවට අපට කෑම බඳුනක් පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ දෙනෙක් කෑම බඳුන ‍ආපහු ගෙදර ගෙනත් සෝදන්නට සිදුවීම අපහසුවක් කියලා හිතනවා. මේ තරමේ වත් කැපකිරීමක් කරලා මේ පරිසර හානිය වලක්වන්න දායක වෙන්න ඒ අයගේ සූදානමක් නැහැ කියලා ඇහුවොත් සමහර විට ඔබ පුදුම වේවි. අප පිටතින්  කෑම මිළ දී ගැනීම් දී ඒ සඳහා ගෙදරින් සුදුසු භාජන අරගෙන යාමේ අදහස ගැන ඔබට හිතෙන්නේ මොකද්ද? ඒක අනවශ්‍ය කරදරක්, අනික් අයගේ හාස්‍යට ලක් වෙන දෙයක් කියල ද නැත්නම් මේ ක්‍රමයෙන් අනවශ්‍ය සෙලෝෆේන්, කඩදාසි ගෙදර ගොඩ ගැහෙන එක වලක්වන්න පුළුවන් කියලද හිතෙන්නේ? මේ දෙය  මෑතක සිට මා ප්‍රායෝගිකව කරන දෙයක්. අපි ‍ අපේ ආකල්ප ධනාත්මකව වෙනස් කරගන්න ඕනෑ කියලා මා මුළින්ම කීවේ ඒකයි.

අපේ මළ ගෙවල්වල වගේම දානේ ගෙවල්වලත්, දන්සැල් වලත්  සෙලෝෆේන් කොළයක් පිඟානට එළලා ඒක කෑම බෙදා ගන්න ක්‍රමයක් තමා දකින්න තියෙන්නේ . මේ උත්සාහය පිඟාන නැවත සේදීමක් නොකර පාවිච්චියට ගන්නද  නැත්තම් පිරිසිදු කම සහතික කරන්නද? මොන කාරණයක් නිසා හෝ එයින් එකතු වෙන  ප්‍රමාණය සෙලෝෆේන් කොළ ප්‍රමාණය ගැන හිතා බලන්න. ඒ වගේම එක් වරක් පාවිච්චි කරලා ඉවත දමන ආහාර ඇසුරුම්, ප්ලාස්ටික් කෝප්ප , පිඟන් වගේම අත් පිස්නා මුළු කොළඹ නගරයම කුණු ගොඩක් බවට පත් කරලා තියනවා ඔබ අනන්තවත් දැකලා ඇති. නැවත නැවත පාවිච්චියට ගත හැකි පිඟන්, කෝප්ප භාවිතයෙන් පරිසරයට ඔබ එකතු කරන අනවශ්‍ය දේ කොපමණක්  වලක්වන්න අවස්ථාව එනවද  කියලා හිතලා බලන්න. මේ දේවල් ආදර්ශ විදිහට සමහර ස්ථානවල ක්‍රියාත්මක කරන්න පුළුවන් . උදාහරණයක් විදිහට දියත උයනේ තියන ආපන ශාලාවල  පිඟන් මැටියෙන් සෑදූ බඳුන්වල ආදර්ශයක් විදිහට කෑම පිළිගන්වන්න පුළුවන්. මම පැහැදිළි කරන්නේ එක ස්ථානයක මෙය ආරම්භ කළොත් ටික කාලයක් ඇතුළත ඒක අනෙක් තැන් වලට අදාල කරගන්න බැරි කමක් නෑ කියන එක. ඒකට කැපවීම සහ පරිසරය සුරැකීමේ සැබෑ හැඟීමක් අවශ්‍යයි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article