- Advertisement -

සෙල්ලම් බඩු තෝරා ගන්නේ කෙසේද?

-

සෙල්ලම් බඩු… අද වන විට දරුවන් හා බැඳී පවතින මේ සෙල්ලම් බඩු සෑම දරුවකුම ඒවා සමඟම විනෝද වෙමින් වැඩි කාලයක් ගත කිරීමට කැමති වේ. හුදු විනෝදයට ඔබෙන් ගිය වටිනාකමක් සෙල්ලම් බඩු වලින් ලබා ගත හැකිද?  ඔව් දරුවාගේ  බුද්ධි වර්ධනයට සෙල්ලම් බඩු වලින් අපට දායකත්වයක් ලබා ගන්න පුලුවන්. එසේ සෙල්ලම් බඩු තෝරා ගැනීමේදී දරුවාගේ වයස නම් බෙහෙවින්ම වැදගත්ය.

දරුවකු උපන් දාසිටම තම පරිසරය තුලින් දැනුම උකහා ගැනීමට උත්සහා ගනියි. සාමාන්‍යයෙන් දරුවකු ඉපදී මාස හයක් පමණ වන තුරු වර්ණ හා ශබ්ද සඳහා වැඩි අවදානයක් යොමු කිරීමත්, තනිවම යමක් අල්ලා ගැනීමටත්, තම ස්වශක්තියෙන් හිඳ ගැනීමටත් උනන්දුවක් දක්වයි.  එනිසා දරුවකුට මාස හයක් පමණ වන තුරු විවිධ වර්ණයන්ගෙන් යුත් හා අල්ලා ගැනීමට පහසු අල්ලන විට මිරිකෙනවිට හා තද කරන විට ශබ්දය නැගෙන සෙල්ලම් බඩු සිඟිත්තාට විනෝදයත් සතුටත් ඇති කරන්නට සමත්ය. දරුවාගේ කොට් එකට ඉහළින් තද පැහැති සංගීතයක් පිටවන සෙල්ලම් බඩු එල්ලා තැබිය හැකිය. එවිට දරුවාගේ ඇස් වලට ඇති වන උත්තේජනයක් ඇති වන අතර දරුවා විවිධ ප්‍රතිචාරද දක්වනු ඇත. එසේම නොබිඳෙන කැඩපතකින් දරුවාට දරුවා දෙසම බලා සිටින්නට අවස්ථාවක් ලබා දෙන්න. එසේම පු`ඵන් පිරවූ සුරතල් සතුන් සතුන්ටද දරුවන් ඇල්මක් දක්වයි. දරුවා ක්‍රමයෙන් වැඩෙන විට යම් යම් දෑ අල්වා ගත හැකි වන හෙයින් සෙල්ලම් බඩු කටේ රුවා ගැනීමට උත්සහ දරනු ඇත. එහෙයින් නාසයේ හෝ උගුරේ හිර නොවන  සෙල්ලම් බඩු තෝරා ගැනීමට සිහි තබා ගන්න.

- Advertisement -

මාස හය පසුවූ පෙරා වඩා දරුවා ක්‍රියාශීලීයි නේද?  දැන්  පුංචි පැටවු සෙල්ලම් බඩු අතින් අතට මාරු කරන්නත්, ඒවා තදින් අල්ලා විසි කරන්නට ඒවායේ  විවිධ කොටස් ගැන විපරම් කර බලන්නටත් ඒවා  ක්‍රියාත්මක කර බැලීම වැනි විවිධ ක්‍රියාකාරකම් සඳහා යොමුවේ .මාස 6 ත් අවුරුද්දත් අතර ඔබේ දරුවාට පෙරට වඩා සංකීර්ණ සෙල්ලම් බඩු ලබා දිය හැකිය. ප්ලාස්ටික් හෝ ලී වලින් තැනූ සතුන් පළතුරු වැනි දෑ  ලබා දීමෙන් දරුවාගේ සිරුර අත්පා මෙන්ම දැනුම වර්ධනයට අත්වැලක් වේ.

දරුවාගේ වයස අවුරුදු 1 ත් 2 ත් අතර කාලය තුල දරුවාගේ බුද්ධි වර්ධනය ඉතා සීග්‍රව සිදුවේ. යම් දෙයක ප්‍රමාණය, වර්ණය එහි හැඩය සහ පරිමාව පිළිබඳව අවධානය යොමු කරයි. රූ කැට (Building blocks ) වැනි සෙල්ලම් බඩු දරුවාට ලබා දීමෙන් වර්ණ හදුනා ගැනීමටත් එකම හැඩය සහිත ඒවා එකට සවි කිරීම මගින් හැඩ පිළිබඳව දරුවා දැනුවත් වේ. සෙල්ලම් ගෙවල්, විවිධ හැඩ සහිත භාජන, බෝනික්කන් . සෙල්ලම් වාහන වැනි දේ කෙරෙහි දරුවා වැඩි අවධානයක් යොමු කරයි.

අවුරුදු 2 න් පසු දරුවා තව දුරටත් ඉතා ක්‍රියාශීලීය. විවිධ අත්හදා බැලීම් සිදු කරන්නටත් සෙල්ලම් බඩු කඩා ඒවායේ සැකස්ම පිළිබද අධ්‍යනය කරන්නටත් පෙළඹෙයි. මේ අවදියේදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ දරුවාගේ බුද්ධිය වර්ධනය වන ක්‍රියාකාරකම් වලින් දරුවා කාර්ය බහුල කරන්නටය. වයස අවුරුදු 2 පසු වන විට ප්‍රහේලිකා (puzzle) වර්ගයේ සෙල්ලම් බඩු ලබා දිය හැකිය. සෙල්ලම් ගෙවල් කට්ටල.වෛද්‍ය නලා වැනි සෙල්ලම් කට්ටල ලබාදිය හැකිය.

සෙල්ලම් කිරීමට අමතරව දරුවා විනෝදයටත් සතුටටත් පත් කළ හැකි හොඳම ක්‍රමයක් ලෙස කියා ්දීම සිදු කළ හැකිය. එසේම මෙම අවදියේදී දරුවාට කියවීමට හුරු කිරීම ඉතා සුදුසුය. දරුවාට අකුරු පිළිබඳත අවබෝධයක් නොමැති වුවත් දරුවාට පෙනෙන ලෙස වර්ණවත් රූප ඇති කතන්දර පොත් දරුවා සමග කියවන්න. දරුවන් මෙම වයසේදී යමක් තේරුම් ගැනීමත් පිළිතුරු ලබා දීමටත් හැකියවක් ඇත. ඒ තුලින් දරුවාගේ සවන් දීමේ කුසලතාවය හා අවබෝධ කරගැනීමේ හැකියාවට මහඟු පිටුවහලක් හිමිවේ.

කතන්දර පොත් කියවීම තුලින් දරුවන් තුල නිර්මාණශීලීත්වය වර්ධනය වේ. ඔවුන් විසින්ම කතන්දර පොත් වල ඇති රූප වලට අනුකූලව කතන්දර තනිවම ගොත කියන්නට උත්සහ දරනු ඇත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article