- Advertisement -

අනපේක්‍ෂිත ගැබ් ගැනීමකින් වැළකෙන්න පොස්ටිනෝ 1

-

පවුල් සැලසුම මගින් සිදුකරනුයේ දරුවන් ඇති වීම සීමා කිරීම නොවේ. පවුල් සැලසුම මගින් තමන්ට අවශ්‍ය දරුවන් ගණන නිසි වයස් පරතරය සහිතව සැලසුම් සහගත ලෙස තමන්ට අවශ්‍ය කාලයේදී සාදා ගැනීමට උදව්කරයි. මෙමගින් මවට, දරුවාට, පවුලට පමණක් නොව සමාජයට මෙන්ම රටට ද වාසි රැසක් හිමිවේ.

අනාරක්‍ෂිත ලිංගික එක්වීමක් නිසා ඇති විය හැකි අනපේක්‍ෂිත ගැබ් ගැනීමක් ඔබේ ජීවිත සැලසුම වෙනස් කළහොත් එය ඔබට අසීරු කටයුත්තක් විය හැකියි. පොස්ටිනෝ 1 ඔබට හඳුන්වා දෙන්නේ එවැනි අනපේක්‍ෂිත ගැබ්ගැනීමකින් වැළකී සිටීමටයි. පොස්ටිනෝ 1 පැකැට්ටුවේ ඇතුළත් වන්නේ එක් පෙත්තක් පමණක් වන අතර එය පාවිච්චි කළ යුත්තේ කාන්තාවන් විසිනි. එම පෙත්තෙහි ස්ත්‍රී හෝමෝනයක් වන ප්‍රොජෙස්ටරෝන් අන්තර්ගතය.

- Advertisement -

අනපේක්‍ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීම සඳහා අනාරක්‍ෂිත ලිංගික සංසර්ගයකින් පැය 72 ක් ( දින 3ක් ) ඇතුළත පොස්ටිනෝර් 1 පෙත්ත පාවිච්චි කළ හැකිය. පොස්ටිනෝ 1 පෙත්ත මිලිග්‍රෑම් 1.5, සංසර්ගයෙන් පැය 24 ක් ඇතුළත පාවිච්චි කිරීමෙන් ගැබ් ගැනීමකින් ආරක්‍ෂා වීමේ හැකියාව 98% කි.

ප්‍රධාන ආහාර වේලකින් පසු /සුළු ආහාර වේලකින් පසු (බිස්කට්, පාන් පෙත්තක් වැනි) හෝ අඩු තරමේ කිරි වීදුරුවක් පානය කිරීම මගින් ඔක්කාරය ගතිය අවම කරගත හැකිය.

සැ. යු.

  • පෙත්ත ලබාගැනීමෙන් පැය 3 ක් ඇතුළත වමනය ඇති වුවහොත් නැවත පෙත්තක් ගන්න
  • නියමිත මාත්‍රාවට වඩා වැඩියෙන් ලබාගැනීම නුසුදුසු බව මතක තබාගන්න
පොස්ටිනෝ 1 ලබාගැනීමෙන් පහත සඳහන් සුළු අතුරු ආබාධ තත්ත්ව ඇති විය හැකිය.
  • ඔක්කාරය
  • වමනය
  • අක්‍රමවත් රුධිර වහනය

සමහර කාන්තාවන්ට සුළු රුධිර වහනයක් ඇති විය හැකිය. අතැම්විට ඊළඟ ඔසප් වීම නියමිත දිනට වඩා පෙර හෝ පසුව සිදුවිය හැක. කලාතුරකින් ගැබ් ගැනීමේ හැකියාව තිබෙන බැවින් ඊළඟ ඔසප් වීම දින 7කට වඩා ප්‍රමාද  වුවහොත් මුත්‍රා පරීක්‍ෂණයක් සිදු කළ යුතුයි.

පොස්ටිනෝ වෙතින් ගෙනෙන විශේෂ දැනුවත් කිරීම :

පොස්ටිනෝර් 1 මගින් ගබ්සාවක් සිදු නොවේ. එබැවින් ඔසප් වීම ප්‍රමාද වූ හෝ දැනට ගැබ් ගෙන ඇති හෝ ගැබ් ගෙන ඇතැයි සැක සහිත කාන්තාවන් පොස්ටිනෝර් 1 පාවිච්චියෙන් වැළකිය යුතුයි. ඔබට වකුගඩු හෝ අක්මා රෝග, අධික රුධිර පීඩනය, අපස්මාරය, දියවැඩියාව, අංශභාග වැනි රෝග තත්ත්වයක් ඇති අයෙක් නම් පොස්ටිනේ 1 ලබාගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න. පොස්ටිනෝ 1 උපත් පාලන ක්‍රමයක් එකදිගට (නිතර) පාවිච්චියට සුදුසු නොවේ. අනවශ්‍ය ගැබ් ගැනීමකින් වැලකී ජීවිතය සුන්දර කරගන්න. පොස්ටිනෝ 1 ගැන දැනුවත් වෙන්න.

අලෙවිය : ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය, ක්‍ෂණික ඇමතුම් 011 2 588 488
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ දැනුවත් කිරීමකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article