- Advertisement -

ඔබේ දරුවා ඔබ කියන දේ අහන්නේම නැද්ද . එහෙනම් ඊට හේතු මෙන්න.

-

“මගේ ළමයා මම කියන දේ මොකුත්ම අහන්නේ නෑ. දහපාරක්වත් එකම දේ කියන්න ඕන. මට එයත් එක්ක හරිම කේන්තියි.”

බොහෝ මවුවරුන් තම දරුවන් ගැන මෙසේ මැසිවිලි නගනවා අපි අසා තිබෙනවා. මව්වරුන් 100ක් ගතහොත් 90කවත් එසේ පවසනවා නියතයි. දරුවන් අකීකරු වන විට මවක් වූ ඔබට තරහා යනවා ඇත. මන්ද මවකට එදිනෙදා පවතින වැඩ අධිකය. මෙවැනි අවස්ථාවල දරුවන් තමන්ට අවනත නොවන විට ඔබ ඔවුන්ට දඩුවම් කරනු ඇත. විශේෂයෙන්ම පිරිමි ළමුන් ගැහැණු දරුවන්ට වඩා තරමක් අවනත කර ගැනීම අපහසුය. ඔවුන් ඉතාමත් දගකාරය. ඇතැම් දරුවන් තම මවට අවනත නොවන විට ඇයට කේන්ති යන බව ටික කලකදී අවබෝද කර ගනී. ඒ නිසාම මව කේන්ති ගැස්සවීමට දගකාරකම් කරන දරුවන් අනන්තවත් සිටි. අම්මා එපා කියන දේම ළමුන් කරන්නේ මේ නිසාය. ඔවුන් මවට කේන්ති යෑමෙන් සතුටක් ලබයි. මව කොතරම් එපා කිවත් දිගටම ඔවුන් එකම දේ කරයි. නමුත් ඔබ මෙහිදී පසුබට වන්න එපා.

- Advertisement -

ඇතැම් දරුවන් තම මව කියන දේවල් වලට කොතරම් ඇහුම්කම් නොදුන්නත් වෙනත් අයෙකු කියන දේවල් වලට කැමැත්ත පල කරනු ලබන අවස්ථා අපි දැක තිබෙනවා. දරුවන්ට නියෝග ඉදිරිපත් කරන්න එපා. අපි කවුරුත් නියෝග දෙනවට කැමති නෑ. එය කොතරම් දුරට සාධාරණද? මෙහිදී ඔබට නියෝග ලබා දීම තරමක් නවත්වා ඉල්ලීම් කල හැකිය. “ ඔයා දැන්ම මේ වැඩේ කරන්න ඕනි කියනවට වඩා “ අනේ පුතේ හොද දරුවා වගේ මේ වැඩේ කරලා දෙන්න” ආදරණිය වචන වලට අපි හැමෝම කැමතියි. දරුවන් ද එසේය. දරුවන්ගේ මේ අවනත නොවීම පසුකාලීනව සමාජයට ප්‍රචණ්ඩ දරුවෙකු බිහි වීමේ අවධානම වැඩිය. ඔබේ දරුවා යම් හොද දෙයක් කළහොත් ඔහු හෝ ඇයව අගය කරන්න. නමුදු 30% ක් වැනි ඉතාමත් අඩු දෙමවුපියන් පිරිසක් තමා තම දරුවන් ඇගයීමට ලක් කරන්නේ. එසේම ඔබ යම් කාර්යයක් දරුවට පැවරු පසු ඔබ එයට මැදිහත් වන්න එපා. ඇතැම් දෙමවුපියන් දරුවන්ට වැඩක් පවරා එයින් බාගයක්ම කරනු ලබයි. එවිට තමා එවැනි වැඩ කිරීමට අවශ්‍ය නැති බවත් ඒවා දෙමවුපියන්ට කල හැකි බවත් දරුවන් විස්වාස කරනවා. එසේම ඔබේ දරුවටත් ඔබට මෙන්ම ආත්මගරුත්වයක් තිබෙන බව අමතක කරන්න එපා. සමහර දෙමවුපියන් දරුවන් අවනත නොවූ විට කෑ  ගසති. තර්ජනය කරති. අසභ්‍යය වචන භාවිතා කරයි. එය ඉතාමත් වැරදිය. එවිට ඔබේ දරුවා ඔබට තව තවත් මුරණ්ඩු වනවා ඇත.

එසේම ඔබ තම ස්වමිපුර්ෂයා සමග නිතර නිතර දබර කර ගන්නේ නම් ඔබේ දරුවා මුරණ්ඩු වනු ඇත. දරුවන් යනු අනුකරණය කරනු ලබන පිරිසකි. ඇතැම් දරුවන් තම දෙමවුපියන්ට අසභ්‍ය ලෙස බැන වදියි. එවැනි වචන ඔහු හෝ ඇයට ඔබේ නිවාස තුලින්ම ඇසෙන ඒවා විය හැකිය. දරුවා ඔබ එපා කියන දේවල්ම කරන්න මේ කරුණු හේතු වෙනවා.

ඔබේ දරුවා කරන සෑම දෙයකටම එපා කියන්න එපා. සමහර දෙමවුපියන් දරුවන්ට නිවසේ භාණ්ඩයක්වත් අල්ලන්න දෙන්නේ නෑ. නමුදු එසේ නොකරන්න. ඔහු කරන්නේ කුමක්දැයි ඔබ අවධානයෙන් සිටින්න. ඒ කෙසේ වෙතත් අවශ්‍ය ප්‍රමාණයට වඩා අවනත වීම දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. එමගින් දරුවා බියගුලු පුද්ගලයෙකු බවට පත් වනු ඇත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article