- Advertisement -

දරුවන් පිළිබඳ ඔබ සිටින්නේ අවදානයෙන්ද ?

-

දරුවන් රැකබලා ගැනීම ඉතා වැදගත් කාර්යය භාරයකි. දරුවන් වයසින් මුහුරා ගොස් ස්වාධීන වනතුරුම  වැඩිහිටියන්ගේ රැකවරණය අත්‍යවශ්‍යය. දරුවන් යනු පර්යේෂකයන්ය සෑම අවස්ථාවකම ගවේශණයේ නිරත ඔවුන්ගේ සිතුවිලි ඉතාමත් වේගවත්ය. අපි ඇසි පියල්ලක් හෙල සැනින් ඔවුන් අනතුරකට ගොදුරු  විය හැක්කේ ඔවුන්ගේ ඒ වේගවත් සිතුවිලි නිසාමය. එහෙයින් දරුවන් ඇස් දෙක මෙන් නොව ඇසේ තබාගෙන පරිස්සම් කළ යුතුය. බොහෝ විට දරුවන් අනතුරට පත් වන්නේ සුළු මොහොතක් දෙමාපියන්ගේ අවධානය ගිලිහී යන අවස්ථා වලදීය. අප සිහිනෙන්වත් නොසිතන මොහොතක ස්ථානයක අපේ දරුවන්ට මාරාන්තික අනතුරු සිදු විය හැකිය.

පසු ගිය දිනෙක බසයේ ගමන් කරන විට අවුරුදු තුනක් පමණ වයසැති පුතෙක් අපගේ ඉදිරි පස අසුනේ සිටියාය. අම්මාගේ උරහිසින් එබී මගේ පුතුට සිනහවක් පෑවිට ඔහුද මල්ලීට සුරතල් ලෙස” චූටී මල්ලී “යැයි පැවසීමත් සමඟම පොඩ්ඩා පුතු අත තිබූ කුඩා සෙල්ලම් බඩුව ඉල්ලා ගත්තාය. ජනේලය අසල අසුන් ගෙන සිටි පොඩ්ඩා ජනේලයෙන් එළියට අතත් ඔළුවත් දමමින් සෙල්ලම් කරන්නට විය. අත හා ඔළුව ඇතුලට ගන්නා ලෙස මම දරුවාට කීවෙමි. මද දුරක් ගොස් නැවත අත ජනේලයෙන් පිටතට හොවයි.  මෙසේ කීප වරක්ම දරුවාට අත ගන්නට යැයි මම කීවද අම්මාට ඒ පිළිබඳ වගක්වත් නොවීය.

- Advertisement -

“බබාට ඔළුවයි අතයි එළියට දමන්න දෙන්න එපා එහා පැත්තෙන් වාහනයක් ආවොත් හැප්පෙයි”

බසයෙන් බසින්නට පෙර මම දරුවාගේ මවට පැවසුවෙමි. ත්‍රී විලර් රථ වල බස් රථ වල ගමන් කරද්දි දරුවන් කවුළු වලින් දෑත් මෙන්ම හිසද පිටතට දමයි. ඉදිරියෙන් හෝ පිටුපසින් වේගයෙන් ගමන් කරන වාහනයක මේ දරුවන් ගැටුනහොත් සිදු වන්නේ කුමක්ද කියා ඔබට මා අමුතුවෙන් පැවසිය යුතු නැත. එහෙයින් ගමන් බිමන් යන විට දරුවාගේ ක්‍රියාකාරකම් වලට අවදානයෙන් සිටීම ඉතාමත් වැදගත්ය.දිනක් මව පාරේ අයිනෙන්ද දරුවා පාරේ වාහන යන පැත්තෙන් ගමන් කරමින් සිටියදී එක වරම අම්මාගේ දෑතින් මිදුන දරුවකු හිටි හැටියේ පාරට දිව ගියාය. දරුවා පාරේ වාහන යන පැත්තෙන් ගමන් කළ නිසා මවට දරුවා අල්ලා ගැනීමටවත් නොහැකි විය.පිටු පසින් ආ මෝටර් රථයේ රියදුරාගේ දක්ෂතාවය නොවන්නට අද ඒ දරුවා මෙලොව හැරගොස්ය.

සාප්පු සවාරී වල යෙදෙන විට දරුවා තමා ළඟම නැති නම් ඇස් මානයේවත් තබා ගත යුතුය. දරුවන්ට අනතුරු වල සේයාවන් වටහා ගැනීමට තරම් ශක්තියක් නැත. ඔවුන්ගේ සිතට එන ඕනෑම සිතුවිල්ලක් ක්‍රියාවට නැංවීම ඔවුන්ගේ ස්වභාවයයි. සුපිරි වෙළෙඳ සැලක සෙල්ලම් කරමින් සිටි පුංචි දරුවන් දෙදෙනෙකුගෙන් එක් දරුවකු ස්වයංක්‍රීය තරප්පු පෙලෙන් පහළට බැස ගිය පසු ඔහු අල්ලන්නට පැමිණි අවුරුදු තුනක පමණ සිඟිත්තා ස්වයංක්‍රීය තරප්පුවේ අත් වැටට නැග ගත් පසු ඒ ඔස්සේ මදක් පහතට ගොස් දරුවා තට්ටු කිහියකින් බිමට වැටී අවසන් සුසුම් හෙළුවේ දෙමාපියන්ගේ නොසැලිකිලිමත්බාවය නිසාවෙන්මය.

2016 නව වසර උදා වූ දිනම අසන්නට ලැබුණ හදවත කීරී ගැසෙන පුවතකි. ඒ සැමියාගේ කාර්‍යලයේ සේවය කරන යහලුවකුගේ මාස නමයක් වයසැති කුඩා දියණිය උඩ තට්ටුවෙන් පහතට වැටී මිය ගියා පුවතය. උදා වූ නව වසරට කිරිබත් පිළියෙල කරන්නට අඩක් නිම කල නිවසේ ඉහළ මාලයේ දරුවා වෝකරයෙ තබා මවත් පියත් වැඩ වල යෙදී ඇත.ිමව අසල සිටි දරුවා සෙමෙන් සෙමෙන් ඉහළ මාලය වටා තාප්පයද ගසා නොතිබුන තැනට ගොස් එතැනින් පහළට වැටී ඇත. දරුවන් අවදානම් ස්ථාන වල රඳා ගන්නවා නම් ඔවුන් පිළබඳ පූර්ණ අවදානයෙන් සිටිය යුතුය. වෝකරය යනු දරුවන් බෙහෙවින්ම අනතුරට පත් වන භාණ්ඩකි. පාලනයක් නැතිව ගමන් කරන නිසාවෙන් දරුවන් ඒවායෙන් පෙරලී අනතුරු වලට භාජනයවේ.

මා කලින් සඳහන් කලා සේම අලුත් දේවල් අත්හදා බලන්නට පුංචි පැටවුන් හපනුන්ය. එනිසාම නිවසේ ඇති ප්ලග් පොයින්ට් හිල් තුලට යම් යම් දෑ ඇතුල් කර බලනවා සේම පුංචි ඇඟිලි ඒ තුලට රිංගවන්නත් පුළුවන්. එනිසා ඔවුන්ගේ උස මට්ටමේ ඇති සියලු ප්ලග් පොයින්ට්, ප්ලාස්ටර් හෝ සෙලෝ ටේප් වලින් ආවරණය කර තබන්න.

නිවසේ ඇති තියුණු ආයුධ, (පිහි,කතුර,නියන්) භූමිතෙල්, පෙට්්‍රල්,ගෙවතු පොහොර, මී පාසානම්, ආදී නොයෙක් දෑ  දරුවන්ට කිට්ටු විය නොහැකි උස ස්ථානයක තබන්න. වරක් පාවිච්චි කල පසු, නැවත නියමිත ස්ථානයෙන් තබන්න. බෙහෙත් බෝතල් මෙන්ම ඔබගේත් නිවසේ අනෙකුත් වැඩිහිටියන්ගේත් බෙහෙත් පෙති ආදිය, දරුවන් අත නොගැටෙන ලෙස තබාගන්න

ඈත අතීතයේ දරුවන්ට සුදුසු පරිසරයක් නිවෙස තුළ විය. එදා අම්මා ඉවෙන් මෙන් දරුවන්ට වන අනතුරු දැන සිටියාය. රෝගයක් වැළඳීමෙන් දරුවකු මිය ගිය ද හදිසි අනතුරකින් මිය ගියේ කලාතුරකිනි. එහෙත් අවාසනාවකට වර්තමානයේ දරුවන්ට හදිසි අනතුරුවලින් සිදුවන හානි ඉහළ ගොස්  ඇත. තවමත් තමන්ව රැක ගන්නට නොහැකි දරු පැටවුන්ගේ ආරක්ෂාව සැපයිය යුත්තේ වැඩිහිටියන්ය. දරුවාගේ ශාරීරික සහ මානසික වර්ධනයට අත්‍යවශ්‍ය නිදහස සහ ස්වාධීනත්වය ලබා දෙන අතර තුරම ඔවුන් පිළිබඳ සුපරික්ෂාකාරී විය යුතුය.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article