- Advertisement -

දරුවන්ගෙ ඇස් හා දත් පරිස්සම්ද ?

-

ජිවීතේ අපි පරිස්සම්ම කර ගන්න ඕනී දේවල් ඇස් දෙක වගේ රැකගන්න ඕනී කියලනෙ කියන්නේ. ඇස් දෙක වගේ රකින්නට නම් හැමටම කලින් ඇස් දෙක රැකගන්න ඕනී. සමහර වෙලාවට අපේ ඇස් වල නිරෝගී කම අපි නැති කරගන්නෙ නොදැනුවත්කම හා නොසැලකිල්ල නිසාමයි. බලන්න මේ කාරණා ගැන ඔබ සිතුවද කියලා

අපි කුඩාකල සිට ළඟ පමණක්‌ බැලීමට පුරුදු වුවහොත් දුර පෙනීම අඩුවේ.

- Advertisement -

අපි කුඩාකල සිට ළඟ පමණක් බැලීමට පුරුදු වුවහොත් දුර පෙනීම අඩුවේ. එනම් අවිදුර දෘෂ්ඨිකත්වයට (Myopia) පත්වේ. වර්තමානයේ අක්‍ෂි වෛද්‍ය විද්‍යාවේ ඉතා බරපතළම ගැටලුව බවට පත්වී ඇත්තේ අවිදුර දෘෂ්ඨිකත්වයට පත්වන පිරිස ඉහළ යෑමය. දරුවන්ට එළිමහනේ ක්‍රීඩා කිරීම සැලැස්වීමෙන් ක්‍රම ක්‍රමයෙන් ඇති වන ඇස් වල ඇති වන අවිදුර  දෘෂ්ඨිකත්වය වළක්වා ගන්නට හැකිය. එසේම එළිමහනේ ක්‍රීඩා කිරීම සැලැස්වීමෙන් සාමාන්‍ය ශරීර සෞඛ්‍යයටත් මහඟු අත්වැල.

ඔබ දරුවා රූපවාහිනිය නරඹන අකාරය නිවැරදිද?

රූපවාහිනිය නැරඹීමේදී අවට ආලෝකය හොඳින් තිබීම ඉතා වැදගත්ය. එසේම රූපවාහිනිය ඇස් මට්ටමේ හෝ ඇස් මට්ටමට පහළින් ස්ථානගත කර තිබිය යුතුය. එසේම රූපවාහිනියේ විශාලත්වය මත තිරයෙන් ඈත් වී නැරඹිය යුතුය.

ඉගෙන ගන්නා ඔබේ දරුවා පොත් පාඩම් කිරීමේදී මේ ගැනත් විමසිලිමත්වන්න.

  • පොත හා ඇස් අතර දුර සෙ.මි 30 ක් හෝ ඊට වඩා වැඩිවිය යුතුය.
  • එසේම දරුවා පාඩම් කරන ස්ථානය හොඳින් ආලෝකමත් කරන්නටත් අමතක නොකරන්න.
  • විනාඩි 20- 30 වරක් කියවීම නවතා ඈත ඇති දෙයක් දෙස බලා විනාඩි 1ක් 2ක් ඇසිපිය ගසන්නට පොළඹවන්න. මෙමගින් හිසරදය වලක්වා කියවීම පහසු කර කියවීමේ කාර්යයක්ෂමතාවය වැඩි කරයි.

ඔබේ දරුවාත් පරිඝණක හා දුරකථනය භාවිත කරමින් ක්‍රීඩා කරනවාද?

  • එසේ නම් විඩියෝ ක්‍රීඩා හා දුරකථනය භාවිත කරමින් කරන ක්‍රීඩා සඳහා යොදවන කාලය අවම කරන්න.
  • එසේම වරින් වර ක්‍රීඩාව නවතා ඈත ඇති දෙයක් දෙස බලා විරාමයක් ගන්නට යොමු කරවන්න.
  • පරිඝණක තිරය හා ඇස අතර ඇති දුර සෙ.මි 50 විය යුතුය.
  • පරිඝණකයේ පිහිටීම හා ආලෝකය ඇසට පහසු පරිදි සැකසිය යුතුය.

මාස 3ක්වූ හෝ අවු. 1 දී හා අවු.3 දී දරුවන්ගේ ඇස් පරික්ෂාවක් සිදු කරන්න. ඇස් වල ආබාධයත් නොමැති නම් ඉන් පසු අවු 2ට වරක් ඇස් පරික්ෂා කරවන්න. ඇස් කණ්ණාඩි හෝ වෙනත් ප්‍රතිකාරයක් අවශ්‍ය නම් මාස 6න් හෝ වසරකට වරක් ඇස් පරික්ෂාවක් සිදු කරන්න.

සිනහව කියන්නේ ඕනෑම කෙනෙකුට ස්වභාවිකවම හිමිවන සුන්දර දායාදයක්. සුන්දර සිනහවක රහස නීරෝගී දත් දෙපළක්ය. දැන් අපි බලමු දත් රැකගන්නේ කෙසේද කියා.

කිරි දත් වර්ධනය වන්නේ මව් කුස තුල පිළිසිඳගෙන් සති 6ක් පමණ ගත වූ විටය. දරුවකු උපත ලැබූ පසු මුල්ම කිරි දත මතු වන්නේ මාස 6ත් 9ත් අතර කාලය තුලය. වයස අවුරුදු  6 පමණ සිට කිරි දත් හැලී ස්ථිර දත් මතුවීම ආරම්භ වෙනවා. නමුත් හැලී යන නිසා යැයි සිතා කිරිදත් නොසලකාහරින්න නම් බැහැ.

නිරෝගී කිරි දත් දෙපළක් වචන හොඳින් උච්චාරණය, ආහාර හොඳින් සැපීම,ස්ථිර දත් ක්‍රමවත්ව මතුවීමට,ලස්සන සිනහවකට,දරුවාගේ නීරෝගී වර්ධනයට හා මුහුණේ මනා වර්ධනය යන කාරණා වලට බලපානවා. කුඩා අවදියේම නිවැරදි මූඛ සෞඛ්‍යය පුරුදු වලට හුරු වූ දරුවන් වැඩිහිටියන් වූ පසුද තම දත් දෙපළ නිසියාකාරව පවත්වා ගනු ඇත.

  • කුඩා අවදියේ සිටම නිවැරදි ආහාර රාටාවකට දරුවා හුරු කල යුතුය.
  • කිරි දත් වලට ඇති ප්‍රධානම බලපෑම දත් දිරා යාමයි. බොහෝ විට දරුවන් ඇලෙන සුළු පැණි රස හා පිටි සහිත ආහාර ගැනීම මෙයට හේතු සාධකය වේ. එබැවින් දරුවන්ට හැකිතාක් එවැනි ආහාර වර්ග දීමෙන් වැලකී සිටින්න. එසේම එවැනි ආහාර ගත් පසු කට හොඳින් සෝදන්නට පුරුදු කරන්න.
  • දත් පිරිසිඳු කිරීම මුල්ම කිරි දත මතු වූ දා සිටම ආරම්භ කල යුතුය. පිරිසිඳු තෙත පුළුන් කැබල්ලක් හෝ සිනිඳු රෙදි කැබැල්ලකින් අවම වශයෙන් දිනකට වරක්වත් පිරිසිඳු කරන්න.
  • දත් හතරක් හතක් පමණ මතු වූ පසු මෘදු කෙඳි සහිත බුරුසුවකින් උදයට හා රාත්‍රීයට දවසට දෙවරක් දත් මදින්න.
  • පුංචි පැටවු දන්තාලේප ගිලින්නට රුචිකත්වයක් දක්ව එනිසා කුඩා දරුවන්ටම නිපදවූ දන්තාලේපයක් භාවිතයට ගන්න. දන්තාලේප ශරීර ගත වීම දරුවන්ට හානිකරය.
  • දත් දිරායාමේ මුල්ම ලක්ෂණ තමයි දත් මත සුදු හෝ දුඹුරු ලප මතු වීම. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට ඉතාමත් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවන්න. එවිට වේදනාවකින් තොර සරල ප්‍රති කර්ම මගින් තත්ත්වය සමනය කරගත හැකිය.

ඒ වගේම දත් රෝග වලක්වා ගැනීමට ලබා දෙන අවවාද හා උපදෙස් පිළිපදින්නත් අමතන කරන්න එපා.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article