- Advertisement -

ඔබේ දරුවා අන්තර්ජාලයේ චැට් කරන්න්නේ කවුරුන් සමඟද යන්න ඔබ දන්නවාද?

-

ඩිජිටල් තාක්ෂණයේ විප්ලවාකාරි දියුණුවත් සමඟ දැන් ලෝකය එක් විශ්ව ගම්මනායක් බවට පත්වී ඇත. පෙර නිවසේ සාලේ තිබූ PC පරිගණකය වෙනුවට දැන් smart phone හා ටැබ්ලට් භාවිතා වේ.

නව යොවුන් වියේ පසුවන දරුවන් මෙම තාක්ෂණයේ වර්ධනය ඉදිරියේ හැඩ ගැසෙන්නේ කෙසේද? අනාගත පරම්පරාව බුද්ධිමත්ව තාක්ෂණය හසුරුවන අතර ඔවුන් විවිධ වූ උපාංග මිලදී ගැනීමටත් සමාජ ජාලා තුලින් සම්බන්ධතා ගොඩ නැගීමටත් ඇල්මක් දක්වයි. ඔබේ දරුවා අන්තර්ජාලයේ චැට් කරන්න්නේ කවුරුන් සමඟද යන්න ඔබ දන්නවාද? මෙය වයස අවුරුදු 8-14ත් අතර වයසේ පසුවන දරුවන් සිටින දෙමාපියන් තුල පවතින සැලකිල්ලකි.

- Advertisement -

වර්තමානයේ, දරුවා යාන්තමින් අවුරුදු 9 හෝ 10 කරා ලඟා වන විට ඔවුන් දෙමාපියන්ගේ අධීක්ෂණය නොමැතිව අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී තම මිතුරන් සමඟ චැට් කිරීමට පුරුදු වී සිටීයි. OfCom මඟින් කරල ලද සමීක්ෂණයකට අනුව අවුරුදු 8-14 වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් දහයට එකක් අන්තර්ජාලයේ යම් නුසුදුසු දෙයක් අත් දැක ඇත. මෙය අසභ්‍ය හෝ අහිතකර  කිසියම් දෙයක් විය හැකිය.

දෙමාපියන් තම දරුවන්ගේ අන්තර්ජාල හැසිරීම පිළිබඳ සැලකිලිමත් වනවා සේම දරුවන්ද දෙමාපිය අධීක්ෂණයක් නොමැතිව අන්තර්ජාලය වෙත යාමට කැමැත්තක් දක්වයි. අන්තර්ජාලය සම්බන්ධ මෙම ප්‍රශ්න සඳහා දැනට ගෙන ඇති විසඳුම් කිහිපයක් පහත දැක්වේ.

අපි එයින් කිහිපයක් සැලකිල්ලට ගනිමු.

-සමහර දෙමාපියන් තම නිවසේ බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයට යම් සීමා කිරීම් (ෆිල්ටර ) පනවයි. මෙයින් දරුවන් අහිතකර දේවල් අත් දැකීමෙන් ආරක්ෂා කරයි.නමුත් මෙම ක්‍රියාවලිය පිටස්තරයින් අන්තර්ජාල ක්‍රීඩා, සමාජ ජාලා හෝ දුරකතන ඇප් හරහා දරුවන් සමඟ සම්බන්ධ වීමේ ඉඩකඩ සඳහා සීමා නොපනවයි.

-NSPCC වයස අවුරුදු 16ට අඩු අයගේ ගිණුමේ පෞද්ගලික තොරතුරු පිටතට යාම වැලක්වීමෙන් ආරක්ෂා කරයි. තවද නන්නාඳුනන්ගෙන් පණිවිඩ අවහිර කරන අතර දරුවන්ගේ සමාජ ජාලා ප්‍රොෆයිලය අන් අයට දිස්වේ නම් ඒ ගැන ඔවුන්ට දැනුම් දේ.

-තාක්ෂණික විසඳුම් වලට අමතරව, දෙමාපියන් දරුවන් සමඟ කතා බස් කොට අන්තර්ජාලයේ ඇති විය හැකි අවදානම් තත්ත්ව පිලිබඳ පහදා දිය යුතු වේ. අන්තර්ජාල සන්නිවේදනය සම්බන්ධයෙන් ඔවුන්ට ගැටලු හා ප්‍රශ්න පැන නැගෙන සෑම අවස්ථාවකදීම දෙමාපියන් සමඟ සාකච්ඡා කරන ලෙස ඔවුන්ට පවසන්න.

-පෙරටත් වඩා දැන් දෙමාපියන් අන්තර්ජාලයෙන් තම දරුවාට ඇතිවිය හැකි අවදානම් පිලිබඳ දැඩි විමසිල්ලකින් පසුවේ. ජනවාරි මස NSPCC මඟින් සංවිධානය කල සමීක්ෂණයකින් හෙළිවී ඇති ප්‍රතිඵල අනුව මිලියන 400 ක් පමණ දෙමාපියන් තම දරුවන් සමඟ අන්තර්ජාලයේ අවදානම් පිලිබඳ සාකච්ඡා කොට ඇත.

-කෙසේ වෙතත් මෙම අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡා විස්තරාත්මක විය යුතුය. ඔබ මේ විෂය සම්න්බධයෙන් ඇති සියලුම වැදගත් කරුණු දරුවන් හට පහදා දිය යුතු වේ.ඔබ ඔවුන් සමඟ පෞද්ගලිකත්වය (privacy) හා තමා අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී ඇති ස්ථානය (location) පිලුබඳ වූ පාලන (settings) ගැන කතා නොකරන්නේ නම් ඔබේ දරුවන් අන්තර්ජාලයේ අවදානම් වලට හා අනාරක්ෂිත අධීක්ෂණයට බඳුන් වේ.බොහෝ අපරාධකරුවන් හා අපචාරකයින් ලාබාල පුද්ගලයෙකුගේ වේශයෙන් අන්තර්ජාලයේ පෙනි සිට ළමයින් රවටන බව හඳුනා ගෙන ඇත.

මෙවැනි අනාරක්ෂිත තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබට කල හැකි එකම දේ වන්නේ ඔබ අවට සිදුවන දේ පිළිබඳ විමසිල්ලෙන් පසුවීම හා කාලීන තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් වීමයි.

ඩිජිටල් ලෝකය සීඝ්‍රයෙන් වර්ධයන වෙමින් පවතියි. තම දරුවන් අන්තර්ජාලයේ සැරිසැරීම සම්බන්ධයෙන් පසු තැවෙනවාට වඩා ඔවුන්ට ආරක්ෂිතව, විමසිල්ලෙන් හා ආත්ම විශ්වාසයකින් එහි කටයුතු කරන ලෙස දිරිමත් කිරීම යහපත් ය. ඔබ කුඩා අවධියේදි, ඔබේ දෙමාපියන් පාර මාරුවන සැටි කියා දුන්නා මතකද? එලෙසෙම ඔබත් තම ඔබේ දරුවන්ට ඩිජිටල් ලෝකයේ ගැවසෙන සැටි කියා දෙන්න.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article